අපේ ජන බල පක්ෂයට හා එක්සත් ජාතික පක්ෂයට හිමිව ඇති ජාතික ලැයිස්තු ආසන සඳහා මන්ත්‍රීවරුන් ලබන 20වෙනිදාට පෙර නම් කල යුතු බව පාර්ලිමේන්තු මහ ලේඛම් දම්මික දසනායක මහතා පවසනවා.
එසේ ලබා දීමට නොහැකි වුවහොත් එම පක්ෂ වලට අයත් ආසන හිස්ව තැබීමට ක්‍රියා කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
මේ අතර මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් සිරගතව ඇති බවත් අධිකරණයේ අවසර ඇතිව ඔවුන්ට නව පාර්ලිමේන්තුවට පැමිණීමට අවසර ඇති බවද වැඩිදුරටත් සඳහන්.