අමාත්‍යංශය දියුණු කිරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත සැලසුම් පිලිබදව සති තුනක් ඇතුලත වාර්තාවක් ලබා දෙන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලුම ඇමතිවරුන්ට දැනුම් දී තිබෙනවා.
එමෙන්ම සියලුම අමාත්‍යංශයවල ප්‍රගතිය පිලිබදව මාස හයකට පසුව වාර්තාවක් කැදවීමට ජනපතිවරයා තීරණය කර ඇතැයි වාර්තා වෙනවා. එපමණක් නොව අමාත්‍යාංශවලට දී ඇති ඉලක්ක සපුරාලීමට කැබිනට් අමාත්‍යවරයා හෝ රාජ්‍ය අමාත්‍යවරයා අසමත්ව ඇත්නම් ඔවුන් එම තනතුරු වලින් ඉවත් කිරීමට හෝ වෙනත් අමාත්‍යංශයකට මාරු කිරීමට ජනපතිවරයා තීරණය කර ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා.