News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
4

ගිනි ගැනීමට ලක් වූ නැව පුපුරා ගියහොත් ලංකාවට දැඩි බලපෑමක් (PHOTO)

740 Views


ගිනි ගැනීමට ලක් වූ නැව පුපුරා ගියහොත් ලංකාවට දැඩි බලපෑමක් (PHOTO)

ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාව මේ වන විටත් ගිනි ගැනීමට ලක් වන බවයි වාර්තා වෙනවා. මේ අනුව යම් හෙයකින් මෙම නෞකාවේ ඉන්ධන කාන්දු වීමක් සිදු වුවහොත් එයින් මෙරට උතුරු සහ නැගෙනහිර මුහුදු කලාපයට දැඩි බලපෑම් එල්ලවීමේ අවධානමක් තිබෙන බවයි පරිසර ආරක්ෂණ අධිකාරිය සදහන් කරන්නේ.

එපමණක් නොව මෙම නෞකාවේ ගබඩා කර ඇති ඉන්ධන අතර ඩිසල් ද තිබෙන හෙයින් බැවින් ගින්න ව්‍යාප්ත වුවහොත් එය පුපුරා යාමකට පවා ලක්වීමේ අවධානමක් පවතීන බවත් එසේ වුවහොත් පරිසරයට මෙන්ම වෙරල කලාපයේ ජිවත් වන ධිවර ජනතාවටද විෂ දුම් හේතුවෙන් සිදු වී හැකි හානිය පිලිබදව අවධානයෙන් කටයුතු කරන බවයි එම අධිකාරිය වැඩි දුරටත් සදහන් කරන්නේ.

මෙම තෙල් නැව බොරතෙල් මෙට්ට්‍රික් ටොන් 270,000 ක් රැගෙන යාත්‍රා කරමින් සිටියදී ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමට ලක්ව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post