News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
7

අයහපත් කාලගුණයෙන් ගිනි ගත් නෞකාව නිරීක්ෂණය කිරීමට පැමිණි පිරිසට බාධා

475 Views


අයහපත් කාලගුණයෙන් ගිනි ගත් නෞකාව  නිරීක්ෂණය කිරීමට පැමිණි පිරිසට බාධා

ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ MT නිව් ඩයමන්ඞ් නෞකාවේ ඇති වූ ගින්න මේ වන විට සම්පුර්නයෙන්ම මැඩ පවත්වා ඇති බව බලධාරීන් සදහන් කරනවා.

මේ අනුව මෙම ගිනි ගත් නැව හේතුවෙන් මෙරට සාගර කලාපයට යම් බලපෑමක් වේද ඒ පිලිබදව සොයා බැලීමට සහ ගින්න මැඩ පැවැත්වීමේදී ශී‍්‍ර ලංකා රජයට සිදුවූ අලාභය සහ වියදම් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා මේ වන විට විශේෂඥ කමිටුවක් පත්කර තිබෙනවා. ඔවුන් අදාල නෞකාව නිරීක්ෂණය කිරීම සදහා සුදානමින් සිටින බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මේවනවිට පවතින අයහපත් කාලගුණ මත එම ගිනි ගත් නෞකාවට ආසන්න වීමට නොහැකිව සිටින බවත් ඔවුන් ඩෝරා යාත‍්‍රාවක දැනට රැඳී සිටින බවයි නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක වැඩිදුරටත් සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post