News Line| Off Air
Generic placeholder image

Latest Posts










Sep
17

වෙරළ තීරයේ අතහැර දමාගොස් තිබූ ගෝනි මලු 05 ක අසුරන ලද කහ තොගයක් සොයා ගනී

737 Views


වෙරළ තීරයේ අතහැර දමාගොස් තිබූ ගෝනි මලු 05 ක අසුරන ලද කහ තොගයක් සොයා ගනී

මෙරටට නීති විරෝධී ලෙස ගෙන ඒමට තැත් කළ වියළි කහ කිලෝ 818 ක පමණ ප්‍රමාණයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. මන්නාරමට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී සිදු කළ විශේෂ මෙහෙයුමකදී නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙනඑමින් තිබූ ගෝනි මලු 12 ක අසුරන ලද වියළි කහ කිලෝග්‍රෑම් 510 ක පමණ ප්‍රමාණයක් සමග සැකකරුවන් දෙදෙනෙකු සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

නාවික හමුදා භාරයට ගන්නා ලද සැකකරුවන් වයස අවුරුදු 26 ත් 37 ත් අතර වයසේ පසුවන මන්නාරම පල්ලෙමුණේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර මන්නාරම වන්කාලේ ප්‍රදේශයේ සිදු කළ තවත් විශේෂ මෙහෙයුමකදී වෙරළ තීරයේ අතහැර දමාගොස් තිබූ ගෝනි මලු 05 ක අසුරන ලද කහ කිලෝග්‍රෑම් 308 ක පමණ ප්‍රමාණයක් ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post