ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකු වන තිසර පෙරේරා හා දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර්වරුන් ලෙස අධිකාරියට උසස් කර තිබෙනවා. ඒ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේදී.
තිසර පෙරේරා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ස්වේච්ඡා බලකායට ගජබා රෙජිමේන්තුවේ මේජර්වරයෙකු වශයෙනුත් දිනේෂ් චන්දිමාල් යුධෝපකරණ බලකායේ මේජර්වරයෙකු වශයෙනුත් ලෙස මෙලෙස උසස් කර තිබෙනවා.