News Line| Off Air
Generic placeholder image

Latest Posts
Oct
13

විභාග කිහිපයක් දින නියමයක් නොමැතිව කල් දමයි

1530 Views


විභාග කිහිපයක් දින නියමයක්  නොමැතිව කල් දමයි

රට තුළ පවතින වසංගත තත්ත්වයත් සමග විභාග දෙපාර්තෙම්න්තුව මගින් මේ මස පැවැත්වීමට කටයුතු කර තිබූ විභාග කිහිපයක් දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා.

ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවයේ තුන්වැනි ශ්‍රේණියේ නිලධාරීන් සදහා වූ කාර්යක්ෂමතා කඩඉම් විභාගය, ග්‍රාම නිලධාරී සේවයේ තුන්වැනි ශ්‍රේණියේ නිලධාරීන් සදහා වන පරිගණක හැකියාව විමසන ලිඛිත පරීක්ෂණ සහ කාර්යක්ෂමතා කඩිනම් විභාගය ඒෙලෙස කල් දමා අැති විභාග අතරට අයත්‍‍.

ඊට අමතරව ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ මෝටර් රථ පරීක්ෂකවරුන් සදහා වන විභාගය, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ රේගු නියාමකවරුන් සදහා වන විභාගය අැතුළු තවත් විභාග කිහිපයක් කල් දමා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post