News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
13

පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයෙකු මියයාමේ සිද්ධියක් ගැන පරීක්ෂණ

736 Views


පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයෙකු මියයාමේ සිද්ධියක් ගැන පරීක්ෂණ

පූගොඩ පොලිසිය අත්අඩංගුවට ගත් තරුණයෙකු අසනීපයක් හේතුවෙන් රෝහල්ගත කිරීමේදී ඔහු මියයාමේ සිද්ධියක් ගැන වැඩ බලන පොලිස්පතිවරයාෙග් උපදෙස් මත පරීක්ෂණයක් අාරම්භකර තිබෙනවා.

පොල්ගස්ලන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි අදාළ තරුණයා පසුගිය 11 වැනිදා අත්අඩංගුවට ගෙන තිබුණේ, මත්ද්‍රව්‍ය චෝදනාවක් මතයි.

ඔහු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රාගම ශික්ෂණ රෝහලට අැතුළත් කිරීමේදී මෙලෙස මියගොස් තිබුණා.‍

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, පූගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා හෝ ඒම පොලිස් ස්ථානයේ නිලධාරීන් අනිසි ලෙස කටයුතු කර අැති බවට අනාවරණ වුවහොත් ඔවුන්ට ඒරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.


News Articles
Latest Videos
Most Popular Post