News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
14

රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 6ක් වැඩ අරඹයි

331 Views


රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 6ක් වැඩ අරඹයි

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පොලිස් කණ්ඩායම් 6 ක් ඊයේ රාත්‍රියේ සිට යොදවනු ලැබුවා.

එ් අනුව කොළඹ සහ මන්නාරම යන ප්‍රදේශවල පිහිටි ඔහුට අයත් නිවෙස් වෙත අදාළ නිලධාරී කණ්ඩායම් දෙකක් ඊයේ රාත්‍රියේම පිටත්ව ගියා.

පසුගිය ජනාධිපතිවරණයේදී රජයේ මුදල් අවභාවිතා කිරීම සහ මැතිරණ නීති උල්ලංඝණය කිරීම යන චෝදනාවලට අදාළව මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාව අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් ලබා ගන්නා ලෙස නීතිපතිවරයා ඊයේ වැඩ බලන පොලිස්පතිවරයාට නියෝග කළා.

එහෙත් වරෙන්තුවක් නිතුක් කිරීම ප්‍රතික්ෂේප කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පෙන්වා දුන්නේ මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් අවශ්‍ය නොවන බවයි.

එ් අනුව නීතිපති දප්පුල ද ලිවේරා මහතා දුන් උපදෙස් මත මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාව අත්අඩංගුවට ගැනීම සදහා කණ්ඩායම් 6 ක් පත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගත්තා.


News Articles
Latest Videos
Most Popular Post