News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
14

රිෂාඩ්ගේ අාරක්ෂක නිලධාරියෙකු වැල්ලවත්තේදී අත්අඩංගුවට

457 Views


රිෂාඩ්ගේ අාරක්ෂක නිලධාරියෙකු වැල්ලවත්තේදී අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතාගේ ආරක්ෂක නිලධාරියෙකු ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයෙකු වැල්ලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රභූවරයෙකුගේ ආරක්ෂක නිලධාරියෙකු ලෙස කටයුතු කළ අදාළ පොලිස් කොස්තාපල්වරයා තම ප්‍රභූවරයා සැකකරුවෙකු ලෙස නම් කර සිටියදී පොලිස් නිලධාරියෙකුගේ රාජකාරිය පැහැරහැරීම සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ.

2019 වසරේ පැවැති ජනාධිපතිවරණයේදී රුපියල් ලක්ෂ 95කට අධික රාජ්‍ය මුදල් අවභාවිතය සහ මැතිවරණ නීති උල්ලංඝණය යන චෝදනා යටතේ ඔවුන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මකයි.

මීට අමතරව මොහොමඩ් රාෂීම් සහ අලගරත්නම් මනෝරන්ජන් යන අය ද සැකකරුවන් ලෙස නම් කර ඇති අතර අලගරත්නම් මනෝරන්ජන් නැමැත්තා කිරුළපන ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ අත්අඩංගුවට ගත්තා.


News Articles
Latest Videos
Most Popular Post