News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
14

හෙට උදෑසන තෙක් මුහුදු යාම අතුරුදායකයි

765 Views


හෙට උදෑසන තෙක් මුහුදු යාම අතුරුදායකයි

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහළ යා හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තෙම්න්තුව පවසනවා.

එම දෙපාර්තමෙන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, අදාළ මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 60 – 70 දක්වා ඉහළ යා හැකි බවයි.

එබැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි බැවින් හෙට උදෑසන දක්වා මුහුදු යාම අනතුරුදායක බව කාලගුණවිද්‍යා දෙපාර්තෙම්න්තුව ධීවර ජනතාවට දැනුම් දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post