News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
15

23 දෙනෙකු පූර්ණ සුවය ලබයි

568 Views


23 දෙනෙකු පූර්ණ සුවය ලබයි

කොරෝනා වෙෙරසය ආසාදිත පුද්ගලයින් 23 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ථ ආසාදිතයින් ගණන 3,380ක් දක්වා ඉහළ ගියා.

සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ, අයි.ඩී.එච්, වැලිකන්ද, ඉරණවිල සහ හම්බන්තොට යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් පිරිසක් මෙලෙස සුවය ලබා පිටව ගිය බවයි.

මේ වනවිට කොරෝනා ආසාදිතයින් 5,170ක් හඳුනාගෙන ඇති අතර, ඉන් පුද්ගලයින් 1,777ක් තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

එමෙන්ම රෝග ලක්ෂණ පෙන්නුම් කරන රෝගීන් 322 දෙදෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post