News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
17

නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ ප්‍රදේශවල වෙළදසැල් යළි වැසේ

659 Views


නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ ප්‍රදේශවල වෙළදසැල් යළි වැසේ

නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ ප්‍රදේශවල සියලු වෙළදසැල් සහ ඔෞෂධසැල් අද සිට යළි වසාදමන බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මහජනතාවට දැනුම් දෙන්නේ, පවතින තත්ත්වය යටතේ අනෙකුත් ප්‍රදේශවල ජනතාව ද සංචරණය සීමා කොට කොරෝනා වෙෙරස ව්‍යාප්තිය පාලනය සදහා සහයෝගය ලබාදෙන ලෙසයි.

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ජනතාවට ආහාර ද්‍රව්‍ය සහ ඔෞෂධ ලබා ගැනීමට ඊයේ උදෑසන 8 සිට රාත්‍රී 10 දක්වා ආහාර ද්‍රව්‍ය වෙළදසැල් සහ ඔෞෂධසැල් විවෘතව තැබුණා.


News Articles
Latest Videos
Most Popular Post