News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
17

ජින්තුපිටිය ආශ්‍රිතයින්ගේ පී.සී.ආර්. පරීක්ෂණ අද

814 Views


ජින්තුපිටිය ආශ්‍රිතයින්ගේ පී.සී.ආර්. පරීක්ෂණ අද

කොළඹ, ජින්තුපිටිය ප්‍රදේශයෙන් හමු වූ කොරෝනා ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින්ගේ පී.සී.ආර්. පරීක්ෂණ අද සිදුකරන බව කොළඹ මහනගර සභාව පවසනවා.

එහි වසංගත රෝග අංශයේ වෙෙද්‍ය දිනුකා ගුරුගේ මහත්මිය පැවසුවේ, අද දිනය තුළ පී.සී.ආර්. පරීක්ෂණ සියයක් සිදුකිරීමට අපේක්ෂා කරන බවයි.

එමෙන්ම මෙම සතිය තුළ අහඹු ලෙස තෝරාගත් පිරිසකගේ සාම්පල ලබාගෙන එම පරීක්ෂණ පැවැත්වීමට කටයුතු කරන බව ද ඇය ප්‍රකාශ කළා.

කොළඹ මහනගර සභාවේ සේවකයින්ට ඊයේ කළ පී.සී.ආර්. පරීක්ෂණවල වාර්තා ලැබීමට නියමිතව තිබෙනවා.

මේ අතර මහනගර සභාවට අනුබද්ධ මරදානේ පිහිටි පුණ්‍යාධාර දෙපාර්තමේන්තුවේ නිලධාරිනියකට කොරෝනා වෙෙරසය ආසාදිත බව තහවුරු වීමත් සමග මහනගර සභා ගොඩනැගිල්ලට සහ මරදානේ පිහිටි නගර සභාවට අයත් ගොඩනැගිල්ලකට ජනතාවට ඇතුළු වීම සති දෙකකට සීමා කර කෙරුණා.


News Articles
Latest Videos
Most Popular Post