News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
17

හිටපු ජනපති අදත් පාස්කු කොමිසමට

412 Views


හිටපු ජනපති අදත් පාස්කු කොමිසමට

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවට මීට සුළු මොහොතකට පෙර පැමිණියා.

හිටපු ජනාධිපතිවරයා පාස්කු කොමිසම හමුවේ අද සාක්ෂි ලබා දෙන්නේ සිව්වැනි දිනටයි.

අදාළ කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පළමුවරට පෙනී සිටියේ, පසුගිය 05 වැනිදායි.

එමෙන්ම හිටපු අග්‍රාමාත්‍යවරයා, හිටපු පොලිස්පතිවරයා මෙන්ම විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා ද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සදහා විටින් විට කොමිසම හමුවේ පෙනී සිටියා.


News Articles
Latest Videos
Most Popular Post