News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
20

ඇලස්කා ප්‍රාන්තයට භූ කම්පනයක්

495 Views


ඇලස්කා ප්‍රාන්තයට භූ කම්පනයක්

ඇමෙරිකාවේ, ඇලස්කා ප්‍රාන්තයේ දකුණු වෙරළ තීරයේ රික්ටර් මාපක 7.5 ක භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, භූකම්පනය හේතුවෙන් වෙරළාශ්‍රිත ප්‍රදේශ කිහිපයකට කුඩා සුනාමි රළ පහරක් පැමිණ ඇති  බවයි.

රළ පහරට පෙර වෙරළාශ්‍රිත ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබුණා‍.

කෙසේවෙතත් භූ කම්පනයෙන් හෝ රළ පහරින් සිදුව ඇති හානි පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නැහැ.

අදාළ ප්‍රදේශයේ පසුගිය සඳුදා ද රික්ටර් මාපක 7.8 ක භූ කම්පනයක් සිදුව තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post