News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
23

හකීම් හා බදියුදීන්ගේ පක්ෂ සමගි ජන බලවේගයෙන් නෙරපීමට යෝජනාවක්

632 Views


හකීම් හා බදියුදීන්ගේ පක්ෂ සමගි ජන බලවේගයෙන් නෙරපීමට යෝජනාවක්

ඊයේ දිනයේ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පක්ෂව ජන්දය ලබා දුන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිටින පක්ෂ වන රවුෆ් හකීම් සහ රිෂාඩ් බදියුදීන් නායකත්වය දරන පක්ෂ සමගි ජන බලවේග සන්ධානයෙන් නෙරපා හරින ලෙස සමගි ජන බලවේගයේ සාමාජිකයින් එහි නායක සජිත් ප්‍රේමදාසගෙන් ඉල්ලා තිබෙන බව වාර්තා වෙනවා.

සන්ධානගත පක්ෂයේ මතයට විරුද්ධව ඊයේ සිය විරෝධය පල කරමින් 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පක්ෂව සිය මන්ත්‍රීවරුන් උපක්‍රම ශිලිව ජන්දය ලබා දීමට සැලැස්වීම හේතුවෙන් ඔවුන් දෙදෙනාට විරුද්ධව චෝදනා එල්ල වී තිබෙනවා.

මේ සදහා වන තීරණයක් ගැනීමට සියලු පක්ෂ සාමාජිකයින් අද රැස්වන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post