News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
23

මාකඳුරේ මධූෂ්ගේ මරණය ගැන පැමිණිල්ලක්

1291 Views


මාකඳුරේ මධූෂ්ගේ මරණය ගැන පැමිණිල්ලක්

පසුගියදා වෙඩි වැදී ජීවිතක්ෂයට පත් වූ සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත නොහාත් මාකඳුරේ මධුෂ්ගේ මරණය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබෙනවා.

අදාළ පැමිණිල්ල කර ඇත්තේ, සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවයි.

මේ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයකට යෑමට බලාපොරොත්තුවන බව එම කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් සිල්වා මහතා පැවසුවා.

ඉදිරියේදී මෙම සිද්ධිය සම්වබන්ධයෙන් ජාත්‍යන්තර සංවිධාන ද දැනුවත් කිරීමට සූදානම් බව පවසන සුදේශ නන්දිමාල් මහතා වැඩිදුරටත් කියා සිටියේ, පොලිස් අත්අඩංගුවේ සිටි මාකඳුරේ මධුෂ්ගේ මරණයට පොලීසිය සම්බන්ධ නොමැතිනම් ඊට සම්බන්ධ පාතාල කල්ලිවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවයි.

පොලිස් අත්අඩංගුවේ සිටින සිරකරුවන්ට නිසි ආරක්ෂාවක් නොදීම සම්බන්ධව පොලිස් නිලධාරීන්ට ද නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුව ඇති බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පෙන්වා දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post