News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
26

ඇමරිකාවේ රාජ්‍ය ලේකම්වරයා හෙට දිවයිනට

1041 Views


ඇමරිකාවේ රාජ්‍ය ලේකම්වරයා හෙට දිවයිනට

අමෙරිකාවේ රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ මහතා දෙදින නිල සංචාරයක් සඳහා හෙට දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන්, ඇමරිකාවේ රාජ්‍ය ලේකම්වරයා මෙරටට පැමිණෙන අතර හෙට සහ අනිද්දා යන දෙදින තුළ ඔහු ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතයි.

මෙම සංචාරය අතරතුරදී පොම්පෙයෝ මහතා මෙරට රාජ්‍ය නායකයින් සමඟ නිල සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර දෙරට අතර බහු ආංශික කටයුතුවලට අදාළ ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳව එම සාචකච්ඡාවලදී අවධානය යොමු කෙරෙනු ඇති.

ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ධූර කාලය තුළදී ශ්‍රී ලංකාවට පැමිණෙන එරට ඉහළම මට්ටමේ සම්භාවනීය අමුත්තා රාජ්‍ය ලේකම් පොම්පියෝ මහතායි.


News Articles
Latest Videos
Most Popular Post