News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
26

පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණයෙන් ආසාදිතයින් 1545ක්

554 Views


පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණයෙන් ආසාදිතයින් 1545ක්

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආශ්‍රයෙන් මේ දක්වා නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් 1545දෙනෙකු හඳුනාගෙන ඇතැයි කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඉන් 799 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ සේවයේ නියුතු පුද්ගලයින්.

සෙසු ආසාදිතයින් ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් බවයි කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ.

ඊට අමතරව බේරුවල, ගාල්ල, දෙවිනුවර, හම්බන්තොට සහ වාලච්චේන යන ධීවර වරායවලින් ද ආසාදිතයින් 44 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

බේරුවල ධීවර වරායෙන් ආසාදිතයින් 20 දෙනෙකු, වාලච්චේන ධීවර වරායෙන් 14 දෙනෙකු, ගාල්ල ධීවර වරායෙන් 5 දෙනෙකු, දෙවිනුවර ධීවර වරායෙන් 3 දෙනෙකු සහ හම්බන්තොට ධීවර වරායෙන් දෙදෙනෙකු ලෙස එම ආසාදිතයින් වාර්තා වුණා.

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය සංකීර්ණය ආශ්‍රයෙන් ඊයේ ආසාදිතයින් 210 දෙනෙකු වාර්තා වී ඇති අතර ඔවුන් හඳුනා ගැනුණේ, කොළඹ දිස්ත්‍රික්කයෙන්.

එමෙන්ම බොරැල්ලෙන් 7ක්, කිරුළපන ප්‍රදේශයෙන් 3ක්, මෝදරින් 3ක්, නාරාහේන්පිට 2ක්, ග්‍රෑන්ඩ්පාස් 2ක්, වැල්ලවත්ත 1ක් සහ දෙමටගොඩ 1ක් ලෙස ඊයේ ආසාදිතයින් හඳුනා ගැනුණා.

පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය සංකීර්ණය ආශ්‍රයෙන් හඳුනාගත් සෙසු ආසාදිතයින් ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ, මහර, මිනුවන්ගොඩ, වත්තල, දොම්පේ, අත්තනගල්ල, ජාඇල, සීදූව සහ බියගම යන ප්‍රදේශවලින් හඳුනාගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post