News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
30

හදිසි මරණ 8ක්

2577 Views


හදිසි මරණ 8ක්

රෝහල් කිහිපයකින් හදිසි මරණ 8ක් වාර්තා වීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුව තිබෙනවා.

කොළඹ ජාතික රෝහල, අයි.ඩී.එච්. රෝහල, මුල්ලේරියාව රෝහල සහ දඹුල්ල මූලික රෝහල යන රෝහල්වලින් එලෙස හදිසි මරණ වාර්තා වුණා.

කොළඹ ජාතික රෝහල, අයි.ඩී.එච්. රෝහල, මුල්ලේරියාව රෝහල යන රෝහල්වලින් මරණ 6ක් වාර්තා වී ඇති අතර ජාතික රෝහලෙන් පමණක් මරණ 3ක් වාර්තා වීම විශේෂත්වයක්.

එමෙන්ම දඹුල්ල මූලික රෝහලෙන් මරණ දෙකක් වාර්තා වන අතර රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා පවසන්නේ, ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණේදැයි සැකයක් පවතින බවයි.

එලෙස මියගොස් ඇත්තේ මහළු කාන්තාවන් දෙදෙනෙක් වන බව ද රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා ප්‍රකාශ කළා.

කෙසේවෙතත් යුද හමුදාපතිවරයා පැවසුවේ, අදාළ මරණ සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ සිදුවන අතර ඒවායේ වාර්තා ලැබෙනතුරු කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.


News Articles
Latest Videos
Most Popular Post