News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
30

වැල්ලම්පිටියෙන් ආසාදිතයෙක් – පී.සී.ආර්. ප්‍රතිඵල එන්න කලින් ගැබිනි භාර්යාව සමග කාසල් රෝහලටත් ගිහින්

619 Views


වැල්ලම්පිටියෙන් ආසාදිතයෙක් – පී.සී.ආර්. ප්‍රතිඵල එන්න කලින් ගැබිනි භාර්යාව සමග කාසල් රෝහලටත් ගිහින්

වැල්ලම්පිටිය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයෙකු හඳුනාගෙන ඇතැයි වාර්තා වනවා.

අදාළ පුද්ගලයා ඇතුළු ඔහුගේ රැකියා ස්ථානයේ පිරිසක් පසුගිය දා පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කර ඇති අතර එහි ප්‍රතිඵල ලැබීමට පෙර අදාළ පුද්ගලයා ප්‍රදේශ කිහිපයක ගොස් තිබෙනවා.

ඔහු ප්‍රථමයෙන් ගොස් ඇත්තේ කාසල් රෝහලේ ගැබිනි මාතෘ සායනය වෙතයි.

ඒ සිය ගැබිනි භාර්යාව සමඟින්.

පසුව මීගොඩ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ බිරිඳගේ නිවස වෙත ද ගොස් තිබෙනවා.

අනතුරුව එම පුද්ගලයා නැවතත් ඊයේ සිය රැකියා ස්ථානය වෙත පැමිණ ඇති අතර එම අවස්ථාවේ දී ඔහුට වෛරසය වැළඳී ඇති බවට තහවුරු වී ඇතැයි දැනුම් දී තිබුණා.

ඒ සම්බන්ධයෙන් අදාළ අංශ දැනුවත් කිරීමෙන් පසු නිවාස 4ක පුද්ගලයින් 12 දෙනෙකු සහ ආසාදිතයාගේ බිරිඳගේ මීගොඩ ප්‍රදේශයේ පිහිටි නිවස නිරෝධායනයට ලක්කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post