News Line| Off Air
Generic placeholder image

Latest Posts










Oct
31

20 වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි

475 Views


20 වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි

මෙරට 20 වැනි කොරෝනා මරණය වාර්තා කරමින් 54 හැවිරිදි කාන්තාවක් ඊයේ මියගියා.

එම කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණේ, වමනය සහ දියවැඩියාව යන රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහායි.

කෙසේ වෙතත් ඇයව පී.සී.ආර් පරීක්ෂණයකට ද යොමු කර තිබූ අතර එහි වාර්තාව ලැබී තිබුණේ, අද පෙරවරුවේයි.

එම වාර්තාවට අනුව ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, පරීක්ෂණයේ වාර්තාව ලැබෙන විටත් අදාළ කාන්තාව මියගොස් සිටි බවයි.

එලෙස මියගියේ, කලක සිට දියවැඩියාව රෝගයෙන් පෙළුණු කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි කාන්තාවක්.


News Articles
Latest Videos
Most Popular Post