News Line| Off Air
Generic placeholder image

Nov
2

අද උදෑසන වනවිට ආසාදිතයින් 397ක් හඳුනා ගනියි

533 Views


අද උදෑසන වනවිට ආසාදිතයින් 397ක් හඳුනා ගනියි

අද උදෑසන වනවිට මෙරටින් කොරෝනා වෛරස් ආසාදිතයින් සංඛ්‍යාව 397 දෙනෙකු හඳුනාගෙන ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ආසාදිතයින් 7,582දෙනෙකු හඳුනාගෙන ඇත්තේ, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලෙන්.

ඉන් පුද්ගලයින් 1,041 දෙනෙකු කම්හලේ සේවකයින් වන අතර සෙසු 6,541 දෙනා එම ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්.

එමෙන්ම අද උදෑසන දෝහා කටාර් සිට පැමිණි පුද්ගලයින් තිදෙනෙකු ත්‍රිවිද හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන ක්‍රියාවලියට යොමු කිරීමට පියවර ගත් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා.


News Articles
Latest Videos
Most Popular Post