News Line| Off Air
Generic placeholder image

Nov
2

ගම්පහ දිස්ත්‍රික්කයෙන් මේ දක්වා කොරෝනා රෝගීන් 3137ක්

540 Views


ගම්පහ දිස්ත්‍රික්කයෙන් මේ දක්වා කොරෝනා රෝගීන් 3137ක්

ගම්පහ දිස්ත්‍රික්කයෙන් මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 3137 දෙනෙකු හඳුනාගෙන ඇතැයි දිස්ත්‍රික් සෞඛ්‍ය අංශ පවසනවා.

එම ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා සිදුකර ඇති පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 47,258ක්.

ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පවසන්නේ, ඊයේ දිනය තුළ පමණක් දිස්ත්‍රික්කය තුළින් ආසාදිතයින් 111 දෙනෙකු වාර්තා වූ බවයි.

ඒ අනුව ඊයේ දිනය තුළ කැළණිය කොට්ඨාසයෙන් 17 දෙනෙකු ද, බියගම සෞෙඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 22දෙනෙකු ද, මහර කොට්ඨාසයෙන් 27ක් ද, මිනුවන්ගොඩ කොට්ඨාසයෙන් 2දෙනෙකු සහ වත්තල කොට්ඨාසයෙන් ආසාදිතයින් 25 දෙනෙකු ද හඳුනාගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post