News Line| Off Air
Generic placeholder image

Nov
2

ගම්පහ කර්මාන්ත ශාලාවලින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව ඉහළට

997 Views


ගම්පහ කර්මාන්ත ශාලාවලින් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව ඉහළට

ගම්පහ දිස්ත්‍රික්කයේ කර්මාන්ත ශාලා කිහිපයකින් ඊයේ වනවිට කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයින් 524 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව කටුනායක නිදහස් වෙළඳ කලාපය තුළ පිහිටි කර්මාන්ත ශාලා 25කින් සේවකයින් 420ක් ද, බියගම නිදහස් වෙළඳ කලාපයේ කර්මාන්ත ශාලා 4කින් ආසාදිත සේවකයින් 12 දෙනෙකු ද, තවත් කර්මාන්ත ශාලා 11කින් ආසාදිත සේවකයින් 92දෙනෙකු ද එලෙස හඳුනා ගැනුණා.

ඔවුන් සියලු දෙනා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් සහ අයත් නොවන කර්මාන්ත ශාලාවල සේවයේ නිරත වූවන් බවයි ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post