News Line| Off Air
Generic placeholder image

Nov
2

කෑගල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල පොලිස්බල ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

1124 Views


කෑගල්ල සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල පොලිස්බල ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

කෑගල්ල සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල පොලිස්බල ප්‍රදේශ කිහිපයක් මේ මොහොතේ සිට හුදෙකලා කර තිබෙනවා.

හෙම්මාතගම, මාවනැල්ල, බුලත්කොහුපිටිය යන පොලිස්බල ප්‍රදේශ සහ ගලිගමුව ප්‍රාදේශීය සභා බලප්‍රදේශයත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිඋල්ල පොලිස්බල ප්‍රදේශයත් එලෙස හුදෙකලා කෙරුණා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශ මත අදාළ පොලිස්බල ප්‍රදේශ, හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළා.


News Articles
Latest Videos
Most Popular Post