News Line| Off Air
Generic placeholder image

Nov
4

කොරෝනා මරණ කාණ්ඩ දෙකකට වර්ග කෙරේ

1703 Views


කොරෝනා මරණ කාණ්ඩ දෙකකට වර්ග කෙරේ

කොරෝනා මරණ ප්‍රධාන කාණ්ඩ දෙකක් මත පදනම්ව වාර්තා කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

සෘජු කොවිඩ් ආශ්‍රිත මරණ සහ වක්‍ර කොවිඩ් ආශ්‍රිත මරණ ලෙස එම මරණ වෙන් කර දැක්විය හැකි බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ.

ඒ අනුව රෝහලක ප්‍රතිකාර ලබමින් සිටීයදී මියයන කොරෝනා වෛරස් රෝගීන් අයත් වන්නේ සෘජු කොවිඩ් ආශ්‍රිත මරණ ගණයටයි.

සිය දිවි නසාගැනීම් ඇතුළු හදිසි මරණවලදී ඊට අදාළව සිදු කෙරෙන පශ්චාත් මරණ පරීක්ෂණ‍යේදී පවත්වන පී.සී.ආර්. පරීක්ෂණවලින් කොරෝනා වෛරසය වැළඳී ඇතැයි හෙළිවන සිද්ධීන් අයත් වන්නේ, වක්‍ර කොවිඩ් ආශ්‍රිත මරණ ගණයට බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post