News Line| Off Air
Generic placeholder image

Nov
4

ගොඩ ගැසී තිබූ මාළු කිලෝ 80,000ක් ධීවර සංස්ථාවෙන් මිලට ගනියි

415 Views


ගොඩ ගැසී තිබූ මාළු කිලෝ 80,000ක් ධීවර සංස්ථාවෙන් මිලට ගනියි

ධීවර වරායවල ගොඩ ගැසී තිබූ මාළු කිලෝ ග්‍රෑම් 80,000ක් මේ වනවිට මිල දී ගෙන ඇති බව ධීවර සංස්ථාව පවසනවා.

බලයා කිලෝවක් රුපියල් 200කටත්, ලින්නා කිලෝවක් රුපියල් 150කටත්, කෙලවල්ලා කිලෝග්‍රෑමයක් රුපියල් 350කටත් මිල දී ගන්නා අතර තලපත් කිලෝවක් රුපියල් 550කටත් කොප්පරා කිලෝවක් රුපියල් 600ක මිලකටත් ගැනීමට කටයුතු යොදා ඇති බව ධීවර සංස්ථාව පැවසුවා.

එලෙස මිලට ගන්නා මාළු තොග පෞද්ගලික අංශයේ ශීතාගාර පහසුකම් යොදා ගනිමින් ගබඩා කර ඇති අතර ඒවා ඇසුරුම් කර ආරක්ෂිතව අලෙවි කිරීමට සැළසුම් කර ඇති බවයි ධීවර සංස්ථාවේ සභාපතිවරයා ප්‍රකාශ කළේ.


News Articles
Latest Videos
Most Popular Post