News Line| Off Air
Generic placeholder image

Nov
4

මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ ආසාදිතයින් ගණන 8266ක් දක්වා ඉහළට

434 Views


මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ ආසාදිතයින් ගණන 8266ක් දක්වා ඉහළට

මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 8266ක් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඉන් පුද්ගලයින් 1041 දෙනෙකු මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින් වන අතර සෙසු 7225 දෙනා එම කම්හලේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වනවා.

මේ අතර යුද හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථානවලින් පුද්ගලයින් 34 දෙනකෙු සිය නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර අද දිනය තුළ සිය නිවෙස් බලා පිටව යාමට නියමිතයි.

රන්වැලි හොටෙල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 25 දෙනෙකු, හොටෙල් ජෙට්වින් බ්ලූ සහ කැම්ලට් බීච් යන නිරෝධායන මධ්‍යස්ථානවලින් එක් පුද්ගලයෙකු බැගින්, ගල්කිස්ස හොටෙල් නිරෝධායන මධ්‍යස්ථානයෙන් 2ක් සහ හොටෙල් ගෝල්ඩ් සෑන්ඩ් නිරෝධායන මධ්‍යස්ථානයෙන් 5දෙනෙකු එලෙස පිටව යාමට නියමිතව තිබෙනවා.

එමෙන්ම ත්‍රිවිද හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 34ක් තුළ පුද්ගලයින් 2777 දෙනෙකු තවමත් නිරෝධායනය වෙමින් සිටිනවා.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ, අද උදෑසන 6 වනවිට පුද්ගලයින් 332දෙදෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post