News Line| Off Air
Generic placeholder image

Nov
4

ආර්ථික මධ්‍යස්ථාන කිහිපයක් යළි ඇරෙයි

759 Views


ආර්ථික මධ්‍යස්ථාන කිහිපයක් යළි ඇරෙයි

තොග වෙළඳාම් කටයුතු සඳහා කොළඹ ආර්ථික මධ්‍යස්ථාන කිහිපයක් අද යළි විවෘත කෙරුණා.

එලෙස විවෘත කෙරුණේ, බෝකුන්දර, රත්මලාන, මීගොඩ ,වේයන්ගොඩ සහ නාරාහේන්පිට යන ආර්ථික මධ්‍යස්ථානයි.

කෙසේ වෙතත් එම ආර්ථික මධ්‍යස්ථානවල සිල්ලර වෙළඳාම් කටයුතු සිදු නොවන බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ.

අදාළ ආර්ථික මධ්‍යස්ථාන මේ වනවිට විෂබීජහරණය කර ඇති අතර සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිපදිමින් ආර්ථික මධ්‍යස්ථාන වෙත පැමිණෙන ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවට දැනුම් දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post