News Line| Off Air
Generic placeholder image

Nov
5

කටුගස්තොටින් ආසාදිතයෙක් – ආශ්‍රිතයින් 12ක් නිරෝධායනයට

2594 Views


කටුගස්තොටින් ආසාදිතයෙක් – ආශ්‍රිතයින් 12ක් නිරෝධායනයට

කටුගස්තොට, කුඩුගල ප්‍රදේශයෙන් කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයෙකු හඳුනාගෙන ඇති බව කටුගස්තොට පොලිසිය පවසනවා.

ඒ අනුව ඔහුගේ ආශ්‍රිතයින් 12 දෙනෙකු මේ වනවිට නිරෝධායනයට යොමු කර තිබෙනවා.

අදාළ පුද්ගලයා කුරුණෑගල ප්‍රදේශයේ වෙළඳ ආයතනයක සේවය කරන අතර ඉකුත් පළමුවැනිදා කුරුණෑගල ප්‍රදේශයේ සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු වී තිබුණා.

ඉන් නිකුත් වූ වාර්තාව අනුව ඔහු ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇත්තේ ඊයේ දිනයේදීයි.

ඒ අනුව අද උදෑසන ඔහුව පොල්ගොල්ල ප්‍රදේශයේ ස්ථාපනය කර ඇති ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබෙනවා.

පොලිසිය පැවසුවේ, නිරෝධායනයට ලක් කළ පිරිස අතර එම පුද්ගලයාගේ ඥාතීන් සහ ගලහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ද වන බවයි.


News Articles
Latest Videos
Most Popular Post