News Line| Off Air
Generic placeholder image

Nov
6

පවුල් ආරවුලක් දුරදිග ගොස් මව, දියණියන් සිව්දෙනාට වස පොවයි – වැඩිමහල් දියණිය මරුට

1051 Views


පවුල් ආරවුලක් දුරදිග ගොස් මව, දියණියන් සිව්දෙනාට වස පොවයි – වැඩිමහල් දියණිය මරුට

පවුල් ආරවුලක් දුරදිග යාම නිසා සිය දියණියන් සිව්දෙනාටම වසා පොවා ඔවුන්ගේ මව ද වස පානයකර රෝහල්ගත කිරීමේ පුවතක් කිළිනොච්චියෙන් වාර්තා වනවා.

පොලිසිය පැවසුවේ, රෝහල්ගත කිරීමෙන් අනතුරුව වැඩිමහල් දියණිය මියගොස් ඇති බවයි.

එම දියණියන්ගේ පියා ආනන්දපුරි ප්‍රදේශයේ ඉදි කළ කෝවිලක ආගමික කටයුතු සදහා රැඳී සිටිමට ගත් තීරණයක් සම්බන්ධයෙන් මව උරණ වී තිබුණා.

එම ආරවුල දුරදිග යාම හේතුවෙන් දියණියන්ගේ මව මෙලෙස සිය දරුවන්ට ද වස පොවා ඇය ද වස පානයකර ඇති බවයි පොලිසිය පවසන්නේ.

මියගොස්, ඇත්තේ එන්. විදුෂිකා නමැති එම පවුලේ වැඩිමහල් දැරියයි.

සෙසු දැරියන් තිදෙනා සහ ඔවුන්ගේ මව ත්‍රිකුණාමලය මහරෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post