News Line| Off Air
Generic placeholder image

Nov
7

මෙරට කොරෝනා රෝගීන් 13,000 සීමාව අභියස

411 Views


මෙරට කොරෝනා රෝගීන් 13,000 සීමාව අභියස

ගත වූ පැය 24 තුළ නව ආසාදිතයින් 400 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 13,000ට ආසන්න වී තිබෙනවා.

සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 12,970ක් වන අතර ඉන් 9496දෙනෙකු මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලෙන් වාර්තා වූ ආසාදිතයින් වනවා.

ඒ අතරින් 1,041 දෙනෙකු මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ ආසාදිත සේවකයින් බවත් සෙසු 1,007 දෙනා පෑලියගොඩ මත්ස්‍යය වෙළඳසැලේ ආසාදිතයින් බවත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවා.

අනෙක් 7,448 දෙනා මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින්.

එමෙන්ම මේ වනවිට මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ ආසාදිත සේවකයින් 412දෙනෙකු සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් 3,350දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නවතම නිවේදනයේ දැක්වෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post