News Line| Off Air
Generic placeholder image

Nov
7

තවත් කොරෝනා මරණ 4ක් වාර්තා වෙයි

1348 Views


තවත් කොරෝනා මරණ 4ක් වාර්තා වෙයි

මෙරට සිදු වූ කොරෝනා මරණ ගණන 34 දක්වා ඉහළ නංවමින් තවත් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබෙනවා.

කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි සහ 69 වියැති කාන්තාවන් දෙදෙනක්, වැල්ලම්පිටිය ප්‍රදේශයේ 67 හැවිරිදි පුද්ගලයෙක් සහ ගණේමුල්ල ප්‍රදේශයේ 88 වියැති කාන්තාවක් එලෙස මියගොස් තිබෙනවා.

එලෙස මියගිය සිව්දෙනා නිවසේදී සහ රෝහලේදී වශයෙන් මියගොස් ඇති අතර එම මරණ 4ම කොරෝනා මරණ ලෙස තහවුරු කරන බවයි මීට සුළු මොහොතකට පෙර නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ.

එම මරණ පිළිබඳ තොරතුරු ඇතුළත් නිවේදනය පහතින්.

Image may contain: text


News Articles
Latest Videos
Most Popular Post