News Line| Off Air
Generic placeholder image

Nov
9

කුරුණෑගල සහ කුලියාපිටියේ ප්‍රදේශ කිහිපයක් හැර සෙසු ප්‍රදේශ හුදෙකලා තත්ත්වයෙන් මුදා හැරේ

559 Views


කුරුණෑගල සහ කුලියාපිටියේ ප්‍රදේශ කිහිපයක් හැර සෙසු ප්‍රදේශ හුදෙකලා තත්ත්වයෙන් මුදා හැරේ

කුරුණෑගල සහ කුලියාපිටියේ පොලිස් වසම් කිහිපයක් හැර සෙසු සියලු ප්‍රදේශ හුදෙකලා තත්ත්වයෙන් මුදා හරින බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව කුරුණෑගල මහනගර සීමා බල ප්‍රදේශයේ ඉලිප්පුගෙදර සහ කඩවීදිය යන ග්‍රාම නිලධාරී වසම් හැර අනෙක් සියලු ප්‍රදේශ හුදෙකලා තත්ත්වයෙන් මුදා හැර තිබෙනවා.

එමෙන්ම කුලියාපිටිය පොලිස්බල ප්‍රදේශයේ ගලගෙදර, හම්මලව සහ ඉහළ කළුගොමුව යන ග්‍රාම නිලධාරී වසම් හැර සෙසු සියලු ප්‍රදේශ ද යළි විවෘත කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා.


News Articles
Latest Videos
Most Popular Post