News Line| Off Air
Generic placeholder image

Nov
9

මෙරට ජනගහනයෙන් සියයට 20කට කොරෝනා එන්නත ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟත්වය පළ කරයි

1617 Views


මෙරට ජනගහනයෙන් සියයට 20කට කොරෝනා එන්නත ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟත්වය පළ කරයි

ශ්‍රී ලංකාව තුළ ජනගහනයෙන් සියයට 20කට කොරෝනා වෛසරය සඳහා වන එන්නත ලබා දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟත්වය පළකර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, එන්නත ලබා දීමට අදාළ කරුණු සෙවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරිය විශේෂ කමිටුවක් පත් කර ඇති බවයි.

ඒ සඳහා අවශ්‍ය අරමුදල් සම්පාදනය කිරීම, එන්නත ලබාදෙන පිරිස තීරණය කිරීම, ඊට අදාළ භෞතික සම්පත් කළමනාකරණය, තොරතුරු ලබා ගැනීම, කරුණු ගොනු කිරීම වැනි කාරණා සම්බන්ධයෙන් එම කමිටුව මගින් සොයා බැලෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළා.


News Articles
Latest Videos
Most Popular Post