News Line| Off Air
Generic placeholder image

Nov
9

5000 ගන්න පෝළිමේ සිටි කාන්තාවක් මියයයි

882 Views


5000 ගන්න පෝළිමේ සිටි කාන්තාවක් මියයයි

නිරෝධායන ඇඳිරි නීතිය පැන වූ ප්‍රදේශවල ජනතාවට රජයෙන් ලබා දෙන රුපියල් 5000 දීමනාව ලබා ගැනීම සඳහා පෝළිමේ රැඳී සිටි කාන්තාවක් හදිසියේ මියගොස් තිබෙනවා.

කටාන, කදිරාන ග්‍රාම නිලධාරී කාර්යාලය අසල පෝළිමේ සිටියදී ඇද වැටීමෙන් අදාළ කාන්තාව එලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එම කාන්තාවගේ දේහය සම්බන්ධයෙන් කොරෝනා පරීක්ෂණයක් පවත්වන ලෙස සෞඛ්‍ය අංශ අදාළ නිලධාරීන්ට දන්වා තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 62 හැවිරිදි කාන්තාවක්.


News Articles
Latest Videos
Most Popular Post