News Line| Off Air
Generic placeholder image

Nov
10

ගම්පහ හුදකලා කර ඇති ප්‍රදේශවලට අද විශ්‍රාම වැටුප ගන්න විශේෂ අවසරයක්

523 Views


ගම්පහ  හුදකලා කර ඇති ප්‍රදේශවලට අද විශ්‍රාම වැටුප ගන්න විශේෂ අවසරයක්

හුදකලා කර ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස්බල ප්‍රදේශවල පදිංචි විශ්‍රාමික ජනතාවට සිය නොවැම්බර් මස විශ්‍රාම වැටුප ලබා ගැනීම සඳහා යාමට විශ්‍රාමික හැදුනුම්පත හෝ ජාතික හැදැනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කිරීමට අවසර දෙන ලෙස ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පොලීසියට දැනුම් දී තිබෙන බව වාර්තා වෙනවා.

ඒ අනුව මෙම මස විශ්‍රාම වැටුප් දිනය යෙදෙන අද දිනයේ මෙන්ම නොවැම්බර් 11 සහ 12 යන දින සඳහාද මෙම අවසරය ලබාදෙන ලෙස දැනුම් දී තිබේ. ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරයාට යැවු ලිපියක මේ බව සදහන් සදහන් කර ඇත


News Articles
Latest Videos
Most Popular Post