News Line| Off Air
Generic placeholder image

Nov
11

2021 සඳහා වන අයවැය එළැඹෙන අඟහරුවාදා පාර්ලිමේන්තුවට

445 Views


2021 සඳහා වන අයවැය එළැඹෙන අඟහරුවාදා පාර්ලිමේන්තුවට

2021 සඳහා වන අයවැය එළැඹෙන 17වැනිදා පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අද පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කෙරුණා.

එහිදී සාකච්ඡා වී ඇත්තේ මෙවර අයවැය විවාදය දින 20ක් පැවැත්වීමටයි.

මේ අතර ලබන 13 වැනිදා විපක්ෂය ඉල්ලා ඇති විශේෂ කල් තැබීමේ විවාදයක් සඳහා අවස්ථාව ලබාදීමට ද එම කමිටුවේදී තීරණයකර තිබෙනවා.

ඒ අනුව හෙට සහ අනිද්දා පාර්ලිමේන්තුව රැස්වන අතර 2020 සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පාර්ලිමේන්තුව රැස්වන විට සභාවේ අසුන් පැනවීම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුව සිදුකිරීමට ද නියමිතව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post