මුළු මහත් ලෝකයේ ම ජනතාවගේ ඇසට කදුලක් ඉතිරි කරමින් පසුගිය දිනක සිදු වූ හද කම්පා කරවන පුවත නම් මොරොක්කෝවේ නළ ලිං කුහරයක සිරවූ පස් හැවිරිදි දරුවාගේ සිදුවීමයි. මෙම පුංචි දරුවා නමින් රයන්. වයස අවුරුදු 05 ක් වන ඔහු ඉතා දඟකාර චරිතයක් බව ඔහුගේ දෙමාපියන් පවසයි. මොවුන් ජිවත් වූ ප්‍රදේශයේ ජලය ලබා ගැනීම සඳහා අනාරක්ෂිත ලිං […]
ඌව පළාතේත් මඩකලපුව, අම්පාර, හම්බන්තොට සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව එම දෙපාර්තමේන්තුව කළ නිවේදනයේ සඳහන් වනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනවා. […]
ශ්‍රී ලංකාව අලි මිනිස් ගැටුම සම්බන්ධයෙන් ලෝක ප්‍රසිද්ධ රටකි. මෙම නිරන්තර අරගලය හේතුවෙන් ලොව වැඩිම අලි ඇතුන් සංඛ්‍යාවක් මරණයට පත්වන රට ශ්‍රී ලංකාවයි. මිනිස් මරණ අතින් ගත්තද අප දෙවැනි වන්නේ අසල්වැසි ඉන්දියාවටයි. අප මේ ගෙවා දමන සෑම දිනකම මෙම පුංචි දිවයිනේ කොහේ හෝ තැනක අලියකු අකාලයේ මිය යයි. එසේම ගතවන සෑම සතියක ම මිනිස් ජිවිත […]
මේ වසරේ ජනවාරි මාසයේ ඩෙංගු රෝගීන් 7,000සේ සීමාව ඉක්මවා ගොස් ඇත. ජාතික ඩෙංගු පාලන ඒකකය සඳහන් කළේ, ජනවාරි මාසය තුළ ඩෙංගු රෝගීන් 7,702කු හඳුනාගෙන ඇති බවයි. මෙම රෝගීන්ගෙන් සියයට 52ක් බස්නාහිර පළාතෙන් හඳුනාගෙන ඇති අතර ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත. මේ අතර ගම්පහ, කළුතර දිස්ත්‍රික්කවලින් ද කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්කවලින් ද […]
අඩු ආදායම් ලාභී ශ්‍රී ලාංකිකයන් සඳහා ශිෂ්‍යත්ව පාඨමාලා ලබාදීමට සහ උපාධි, ආචාර්ය උපාධි සඳහා කෙටි පාඨමාලා ලබාදීමට එක්සත් රාජධානියේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල (Cambridge University) ප්‍රධානීන් සහ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා අතර පැවති සාකච්ඡාවක දී එකඟතා ඇතිවේ. බ්‍රිතාන්‍යයේ සංචාරය අතරතුර කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පැවති සාකච්ඡාවකට කාන්තා හා ළමා සංවර්ධන,පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල […]
ප්‍රංශ ජාතික ජනප්‍රිය නළුවෙක් වන ගැස්පාර්ඩ් උල්ලියෙල් හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඇල්ප්ස් කඳුකරයේ හිම ක්‍රීඩාවේ යෙදෙන අතරතුර සිදුවූ අනතුරකින් ඔහුට දිවි අහිමිවූ බව වාර්තා විය.
චීනයෙන් මෙරටට සහල් මෙට්‍රික් ටොන් දස ලක්ෂයක ප්‍රමාණයක් පරිත්‍යාගයක් ලෙස ලැබීමට නියමිත බව වාර්තා වේ. අද (19) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව සඳහන් කළේය. එම සහල් ප්‍රමාණය මාර්තු මාසයේ දී මෙරටට ලැබීමට නියමිතය.
ලොව පුරා රටවල් 194 ක් අතරින් ශ්‍රී ලංකාව එන්නත්කරණයෙන් තෙවන ස්ථානයට පත්ව ඇති බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා. මේ අතර වයස අවුරුදු 16 ත් 19 ත් අතර ළමුන්ට කොවිඩ් දෙවන මාත්‍රාව ඉදිරියේදී ලබා දීමට කටයුතු කරන බව විශේෂඥ වෛද්‍ය චන්නද සිල්වා මහතා පවසනවා. පාසල් ළමුන්ට කොවිඩ් එන්නත් මාත්‍රාව ලබා දීමට දෙමාපියන් බිය නොවිය යුතු […]
ඩෙල්ටා සහ ඔමික්‍රෝන් වෛරස් ඒකාබද්ධ වූ නව ප්‍රභේදයක් සයිප්‍රසයෙන් හමුව තිබෙනවා. මෙම ප්‍රභේදය ඩෙල්ටාක්‍රෝන් ලෙසයි හඳුන්වා ඇත්තේ.
ඔමික්‍රෝන් ප්‍රබේදය නිසා රෝහල් ගත වන සහ මිය යන සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පවසනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ට්‍රේඩ්රෝස් ඇඩ්නම් පවසන්නේ ඔමික්‍රෝන් පිළිබදව අඩුවෙන් තක්සේරු කිරීම වැරදි බවයි.
බේරුවල චීන කොටුව ප්‍රදේශයෙන් ඔමික්‍රෝන් ආසාදිතයෙකු වාර්තා වී තිබෙනවා. ඔහු මැණික් ව්‍යාපාරිකයෙකු බවයි සෞඛ්‍ය අංශ තහවුරු කලේ. මේ වන විට දිස්ත්‍රික්ක 03 කින් ඔමික්‍රෝන් රෝගීන් වාර්තා වී තිබෙනවා. පවතින තත්ත්වය හමුවේ අවශ්‍ය වුවහොත් කොවිඩ් එන්නත් සිව් වන මාත්‍රාවක් ලබා දීමට කටයුතු කරන බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කලේ.
කොවිඩ් එන්නත් ගත්තේ නැති මිලියන ගණනක් තම රටේ සිටින බව, අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධානතම වෛද්‍ය උපදේශකයා වන ඇන්තනී ෆව්සි මහතා ප්‍රකාශ කරනවා. එන්නත් ගත්තේ නැත්තම් ඔවුන්ට කොවිඩ් රෝගයෙන් බේරීමට නොහැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ. මේ වන විට අමෙරිකා එක්සත් ජනපදය තුළ ඔමික්‍රෝන් වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙනවා. දිනකට ආසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂ හතරට ආසන්න වෙමින් පවතින බවයි […]