යුගදනවි බලාගාර ගිවිසුමට එරෙහි පෙත්සම සලකා බැලීම අද ආරම්භ වුණා. ඒ අගවිනිසුරු ජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවෙයි. පෙත්සම සලකා බැලීම අද සේම හෙටත් සිදු කෙරනවා.
ඩොමිනිකන් ජනරජයේ ලාස් අමෙරිකාස් ගුවන්තොටුපොළට හදිසියේ ගොඩබස්සවමින් තිබූ ගුවන්යානයක් ඒ ආසන්නයේදී අනතුරට ලක්වීමෙන් එහි ගමන්කළ සියලුදෙනා මියගොස් තිබෙනවා. එම අනතුරෙන් 9 දෙනෙක් මරණයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
හිටපු ප්‍රවීණ ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශක ලෙස පත් කර තිබෙනවා. ඒ වසරක කාලයක් සඳහායි. ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමෙන් පසු මහේල ජයවර්ධන මහතා ලොව ප්‍රධාන ලීග් රැසක ප්‍රතිඵල පෙන්වූ පුහුණුකරුවෙක්.
ලොව විශාලතම තනි ස්වාභාවික නිල් මැණික මෙරටින් හමු වී ඇති බව වාර්තා වනවා. එම නිල් මැණිකේ බර කිලෝග්‍රෑම් 310 ක් වන බව සඳහන්. ක්වින් ඔෆ් ඒෂියා ලෙස මෙම නිල් මැණික නම් කර තිබෙනවා.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලබන සඳුදා සිට වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරත වීමට සැලසුම් කර ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.
තෘතීයික අධ්‍යාපන ක්‍රමයේ වෙනස්කම් රැසක් අවශ්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර සිටිනවා. ඒ කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්වවිද්‍යාලයේ 2021 උපාධි ප්‍රධානෝත්සවයට එක්වෙමින්.
බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ ගැටී එකම පවුලේ තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. අද (08) උදෑසන 11.55ට පමණ රොසැල්ල දුම්රිය ස්ථානයේ සිට කෙටි දුරකින් පිහිටි 103 1/2 කිලෝමීටර් කණුව ආසන්නයේ එම අනතුර සිදුව ඇති බව වාර්තා වේ. අනතුරින් මව, පියා සහ පුතා ජීවිතක්ෂයට පත්ව තිබේ.
ප්‍රියන්ත කුමාර මහතාගේ ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු රාවල් පිණ්ඩි හි දී අත්අඩංගුවට ගැනීමට එරට පොලීසිය සමත්වී තිබෙනවා. මෙම සැකකරු මගී බස්රථයක ගමන් කරමින් සිටියදීයි අත්අඩංගුවට ගෙන ඇත්තේ. මේ අතර ශ්‍රී ලංකාවට රැගෙන ආ ප්‍රියන්ත කුමාර මහතාගේ දේහය ඊයේ රාත්‍රියේ ගනේමුල්ල පිහිටි ඔහුගේ නිවසට ගෙන එනු ලැබුවා. අදත් විවිධ දේශපාලන පක්ෂවලට සම්බන්ධ වූවන් සහ ආගමික නායකයින් […]
තාවකාලිකව වසා දැමුණු සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු අද (07) දිනයේ සිට යළි ආරම්භ කිරීමට නියමිතව තිබේ. බලශක්ති අමාත්‍ය නීතීඥ උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ ඒ අනුව යළිත් වරක් බොරතෙල් පිරිපහදු කිරීමේ කටයුතු ආරම්භ කරන බවයි.
පාකිස්ථානයේ දී ප්‍රියන්ත කුමාර මහතා කෲර ලෙස ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් 800 දෙනෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් සිදු කර ඇති බව එරට මාධ්‍ය පවසනවා. මේ අතර ම්ලේච්ඡ ඝාතකයින්ට උපරිම දඬුවම් ලබා දෙන බවට පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ජනාධිපතිවරයාට සහතික වී තිබෙනවා. ඒ පසුගියදා පස්වරුවේ දුරකතන සංවාදයකට එක්වෙමින්.
මෙරටින් පළමු වරට ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදිත පුද්ගලයෙකු හඳුනාගෙන තිබේ. එම ආසාදිතයා දකුණු දිග අප්‍රිකානු කලාපයේ රටක සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහතා පැවසුවේය.
ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය මේ වනවිටත් ලංකාව තුළ පැතිරී තිබිය හැකි බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ. කොවිඩ් රෝගය යම් ප්‍රදේශයක වේගයෙන් පැතිරෙන බවට තහවුරු වුවහොත් එම ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් නියැදි පරීක්ෂණ සිදු කරන බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.