News Line| Off Air| Games
Generic placeholder image

Dec
21

කොළඹ රථවාහන ගාල් කිරීමේ ස්ථාන ගැන පොලීසියෙන් දැනුම්දීමක්

Generic placeholder image

නෙළුම් කුලුණ, ජනාධිපති ලේකම් කාර්යාලය සහ ගාලුමුවදොර ආශ්‍රිතව පැවැත්වෙන විවිධ වැඩසටහන් කිහිපයකට අදාළව රථවාහන ගාල් කිරීමේ ස්ථාන දැනුම්දෙමින් පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව 19 සිට එළඹෙන 28 වනදා දක්වා සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් නෙළුම් කුලුණ ආශ්‍රිතව විවිධ වැඩසටහන් පැවැත්වෙන අතර ඒ සඳහා පැමිණෙන රථවාහන ගාල් කිරීම සඳහා පහත ස්ථානවල අවස්ථාව හිමිවනු ඇති.


Dec
21

කාලගුණය වෙනස් වෙයි

Generic placeholder image

දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දිවයිනේ උතුරු, උතුරු-මැද, වයඹ සහ ඌව පළාත්වල අහස වලාකුළින් බරව පවතී. උතුරු, නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇතිවේ. බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු, […]


Dec
20

මහනුවර වායු දූෂණය ඉහළට

Generic placeholder image

මහනුවර නගරය ආශ්‍රිත වායු ගෝලයේ ගුණාත්මකභාවයේ අඩුවක් දක්නට ලැබෙන බව පරිසර අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි. එවැනි තත්ත්වයක් ඇතිවීමට එහි පිහිටීම සෘජුව බලපා ඇති බව කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේය. කෙසේවෙතත් ඉන්දියාවේ සිට හමා ආ වාතයේ පැවති අහිතර තත්ත්වය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු ගෝලයේ නිරීක්ෂණය වූ අහිතකර ස්වභාවය තවදුරටත් දක්නට ඇති බව […]


Dec
20

භාණ්ඩ වර්ග 10ක ආනයන සීමා ලිහිල් කෙරේ

Generic placeholder image

ආනයනය තහනම් කර තිබූ තවත් කාණ්ඩ අංක 10 කට අයත් භාණ්ඩ යළි මෙරටට ගෙන්වීමට අවසර ලබා දුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ඊට සංචාරක ක්ෂේත්‍රයට හා ක්‍රීඩා ක්ෂේත්‍රයට අයත් භාණ්ඩ වර්ග රැසක් ඇතුළත්. ඒ අනුව සංචාරක ක්‍ෂේත්‍රයට අවශ්‍ය ශක්තිජනක පාන ආනයනය කිරීම, ගෘහ භාණ්ඩ නිෂ්පාදනයට අවශ්‍ය MDF පුවරු, CCTV ඒකක සහ ආරක්ෂක කටයුතු […]


Dec
20

බණ්ඩාරනායක ගුවන්තොටුපොළට AED යන්ත්‍රයක්

Generic placeholder image

කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට Automated External Defibrillator යන්ත්‍රයක් පරිත්‍යාග කෙරේ. හෘදයාබාධ යනු ශ්‍රී ලංකාවේ මරණවලට ප්‍රධානතම හේතුවකි. හදිසි හෘදයාබාධයකට ගොදුරු වූවන්ගෙන් 95% කටම ජීවිත අහිමි වන්නේ නියමිත වේලාවට වෛද්‍ය ප්‍රතිකාර නොලැබීම හේතුවෙනි. මෙයට පිළියමක් වශයෙන් බොහෝ රටවල පොදු ස්ථාන වල Automated External Defibrillator (AED) යන්ත්‍ර සවිකර ඇත. Automated External Defihtllator යනු රෝගියාගේ ECG තරංග රටාව […]


Dec
19

තායිලන්ත නෞකාවක් ගැඹුරු මුහුදේ පෙරළෙයි

Generic placeholder image

තායිලන්ත නාවික හමුදාවට අයත් නෞකාවක් ගැඹුරු මුහුදේ පෙරළීයාමෙන් අතුරුදන් වූ නාවිකයින් 31 දෙනෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වෙයි. ඒ වනවිට අදාළ නෞකාවේ නාවිකයින් 100 දෙනෙකු පමණ සිට ඇති අතර ඔවුන්ගෙන් වැඩි පිරිසක් මුදාගෙන තිබුණි. මේ වනවිට සහන කණ්ඩායම් නාවිකයින් 75 දෙනෙක් බේරාගෙන ඇති අතර අතුරුදන් ව ඇති පිරිස් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක ය.


Dec
19

ජයග්‍රහණයෙන් අනතුරුව මෙසී තම තීරණය වෙනස් කරයි

Generic placeholder image

ඊයේ තරගයේ හොඳම ක්‍රීඩකයා ලෙස ගෝල්ඩන් බෝල් සම්මානය දිනාගත් ලියනොල් මෙසී, පාපන්දු පිටියෙන් සමු නොගන්නා බව ප්‍රකාශ කරනවා. තමන්ට ලෝක ශූරයෙකු ලෙස තවත් තරග කිහිපයක් අත්විඳීමට අවශ්‍ය බවයි අවසන් තරගයෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පැවසුවේ.


Dec
19

ලෝක විවාහක රූ රැජිණ කිරුළ ඉන්දියාවට

Generic placeholder image

ලෝක විවාහක රූ රැජිණ කිරුළ වසර 21 කට පසු ඉන්දියාවට හිමිවුණා. ඒ 2022 වසරේ ලෝක විවාහක රූ රැජිණ ලෙස ඉන්දියානු සුරූපිනී සර්ගාම් කෝෂාල් කිරුළු පැලඳීමත් සමඟයි. 2022 වසරේ ලෝක විවාහක රූ රැජිණ තරගාවලිය ඇමෙරිකාවේ ලාස් වේගාස්හිදී පැවැත්වුණා.


Dec
19

අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී.100ට වැඩි තද වැසි

Generic placeholder image

නැගෙනහිර, ඌව, දකුණ, සබරගමුව, මධ්‍යම, උතුරුමැද සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇතිවන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස්කාලයෙදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100ට වැඩි තද වැසි ඇතිවිය හැකි අතර සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75 පමණ තරමක් […]


Dec
16

යටිනුවර ලොකුම විවාහය

Generic placeholder image

එකම පවුලේ අම්මයි තාත්තයි, දුවයි බෑනයි, ආච්චියි සීයයි එකම දවසේ විවාහ වූ පුවතක් යටිනුවර ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙම සුවිශේෂී විවාහය සංවිධානය කර ඇත්තේ යටිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයි. එහිදී මෙතෙක් නීත්‍යානුකූල ලෙස විවාහ නොවී සිටි පවුල් 19කගේ විවාහ ලියාපදිංචිය සිදුකර තිබෙනවා. නීත්‍යානුකූල ලෙස විවාහ නොවී සිටීම හේතුවෙන් එම පවුල්වල උපදින දරුවන් වෙත උප්පැන්න සහතික නිකුත් කිරීමේදී […]


Dec
16

සපුගස්කන්ද අද සිට යළි වැඩ අරඹයි

Generic placeholder image

සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු අද සිට යළි ආරම්භ කෙරෙන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ආනයනික බොරතෙල් නොමැතිවීම මත පිරිපහදුවේ කටයුතු නවතා දැමීමට පසුගියදා පියවර ගෙන තිබුණි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ ආනයනික බොරතෙල් මෙට්‍රික් ටොන් 90,000ක් රැගත් නෞකාවක් කොළඹ වරායට පැමිණ ඇති අතර ඊට අවශ්‍ය ගෙවීම් මේ වන විට සිදුකර අවසන් බවය.  […]


News Articles
Latest Videos
Most Popular Post