සමහරුන්ට ලුණු කියන්නෙ ඇබ්බැහියක්. ඉතින් ඇතුවත් බැරි නැතුවත් බැරි කෑමක් තමයි ලුණු. පමණට වඩා ගත්තොත් ලුණු කියන්නෙ මරණයට හේතුවක්. අධික රුධිර පීඩනය, අස්ථි රෝග, හදවත් රෝග, ආමාශගත පිළිකා,වකුගඩු රෝග, ආඝාතය, ඇදුම, ඔස්ටියෝපොරෝසිස් වගේ රෝගාබාධ ඇති වෙන්නෙ ලුණු නිසා. අපි කොච්චර ලුණු අඩුවෙන් කන්න හැදුවත් අපේ ආහාර ක්‍රමවේදය ඊට ඉඩ දෙනවද ?කරවල කල් තියාගන්න, නිර්දේශිත ප්‍රමාණයටත් […]
පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන්ඛාන්ව අත්අඩංගුවට ගනු ලැබුවා. ඉන්පසු රටපුරා විරෝධතා ආරම්භ වුණා. එම විරෝධතාවලින් පුද්ගලයින් 8 දෙනෙකු මියගොස් ඇති අතර පුද්ගලයින් දහසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. එරට ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් පාකිස්ථානයේ ඇතැම් ප්‍රදේශවල ආරක්ෂාව දැඩි කිරීමට කටයුතු කර තිබෙනවා. පාකිස්ථානයේ අගමැති ප්‍රචණ්ඩත්වයට එරෙහි නීතිය ක්‍රියාත්මක කරන බවද ප්‍රකාශ කළා.
පැය 06ක 07ක නින්ද කියන්නෙ අපේ ජීවිතේට අත්‍යවශ්‍යම දෙයක්. ඒත් නින්දට බාධා කරන රෝගාබාධත් තියෙනවා. නින්දේදී වරින් වර හුස්ම ගැනීම නතර වීම එහෙම රෝගයක්. මැදිවියේ ඉන්න, පිරිමි තරබාරු පුද්ගලයන්ට මෙම රෝගය වැළඳීමේ හැකියාව වැඩියි. උගුරේ මේදය තැන්පත් වී උගුර පටු වීම තමයි මේකට හේතුව.මේ නිසා නින්දේදී වරින් වර අවදි වීම සිදු වෙනවා. මේ අය නින්දේදි […]
ශ්‍රී ලංකාව සහ ජපානය අතර ඇති මිතුදම ශක්තිමත් කිරීමේ තවත් ඉදිරි පියවරක් තබා තිබෙනවා. ඒ ක්‍රිකට් ක්‍රීඩාවද එයට එක්කර ගනිමින්. ශ්‍රී ලංකා නැගී එන යොවුන් ක්‍රිකට් කණ්ඩායමක් ජපානය බලා ඊයේ (08) පිටත්ව ගියේ දෙරට අතර මිතුදම සහ ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්දනය කිරීමේ අරමුණින් යුතුවයි. ශ්‍රී ලංකා නැගීඑන යොවුන් ක්‍රිකට් කණ්ඩායම ඊයේ ජපානය බලා පිටත්ව යාමට […]
ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සහ නාවික යාත්‍රා සඳහා අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ. එම නිවේදනය අද (08) පස්වරු 3 දක්වා බලපැවැත්වේ. මේ වනවිට ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වායුගෝලයේ කැලඹිලි ස්වභාවය වර්ධනය වී ඇත. එම තත්ත්වය ඉදිරි දින කිහිපයේ දී අඩු පීඩන කලාපයක් දක්වාත් පසුව සුළි […]
ශ්‍රී ලංකා නාවික හමුදාව, සියත රූපවාහිනිය හා එක්ව ත්‍රීකුණාමලය නාවික තඨාකාංගණයේදී සංවිධානය කල ”සිංහල හා හින්දු අළුත් අවුරුදු උත්සවය – 2023” ට සමගාමීව වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය මඟින් ශ්‍රී ලංකා නාවික හමුදා සුභසාධක අරමුදලට මුදල් පරිත්‍යාග කිරීම (2023 අප්‍රේල් 24) නාවික හමුදා මුලස්ථානයේදී සිදු කෙරිණි. මෙම මුදල් පරිත්‍යාගය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා […]
මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයිනේ සියලුම මත්පැන්හල් දින තුනක් වසා දැමීමට තීරණය කර තිබෙනවා. සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ අනුව මැයි මස 04, 05 සහ 06 යන දිනයන්හි දී දිවයින පුරා පිහිටි සිල්ලරට මත්පැන් විකිණීම සදහා වූ සියලුම සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන වසා තැබෙන බවය.
නේපාලයේ භූ කම්පන දෙකක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රික්ටර් මාපකයේ ඒකක 4.8ක ප්‍රබලත්වයකින් යුතුව පළමු භූ කම්පනය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. ඉන් පැය දෙකකට පමණ පසු රික්ටර් පරිමාණයේ ඒකක 5.9ක ප්‍රබලත්වයකින් යුතුව දෙවන කම්පනය හටගෙන ඇති බව වාර්තා වෙයි. භූ කම්පනය නේපාලයේ දිස්ත්‍රික්ක රැසකට දැනී ඇති අතර සුළු පසුකම්පන තත්වයක්ද වාර්තා […]
අධික උණුසුම හේතුවෙන් සිදුවූ තුන්වන පුද්ගල මරණය ඊයේ වාර්තා වුණා. එම මරණයද සිදුවී ඇත්තේ එප්පාවල ප්‍රදේශයේදී. එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 80ක පුද්ගලයෙක්.
හැරී පොටර් චරිතය හරහා ලොව අතිශය ජනප්‍රියත්වයට පත්වූ ඩැනියෙල් රැඩ්ක්ලිෆ් පිය පදවියට පත්වී තිබෙනවා. ඩැනියෙල් හා ඔහුගේ බිරිඳ වන එරින් ඩාර්ක් දරුවා ඉපදුනේ කවදාද යන්න සඳහන් කර නැත.
සංචාරක අයර්ලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගයේදී ශතකයක් වාර්තා කිරීමට කුසල් මෙන්ඩිස් සමත් වුණා. කුසල් මෙන්ඩිස් සිය ශතකය වාර්තා කිරිම සඳහා හතරේ පහර 7 ක් හා හයේ පහර 5 ක් එල්ල කර තිබුණා.
දකුණු කොරියානු පොප් ගායක සහ රංගන ශිල්පී මූන් බින් මියගොස් තිබෙනවා. සෝල් අගනුවර ගැන්ග්නම්හි පිහිටි නිවසේ දී ඔහු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මියයන විට මූන් බින් 25 හැවිරිදි වියේ පසු වුණා. 2016 වසරේ දී ඇස්ට්‍රෝ සංගීත කණ්ඩායමට සහභාගී වු ඔහු රංගන සහ නිරූපණ ශිල්පියෙකු ලෙස කටයුතු කර තිබෙනවා.