ගෙවුණු දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 934 දෙනෙකු හඳුනාගෙන ඇතැයි, කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කරනවා. ඉන් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම ගණන 201ක්. ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ පහතින්,
බැසිල් රාජපක්ෂ මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගැසට් කර තිබෙනවා.
මුහුදුබත් වෙමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානියට අදාළ රුපියල් මිලියන 720ක අතුරු වන්දි මුදලක් ලැබී තිබෙනවා. අදාල මුදල මහා භාණ්ඩාගාරයේ ගිණුමට තැන්පත් කර ඇති අතර අදාළ මුදල්වලින් වැඩි ප්‍රමාණයක් නෞකාවෙන් සිදුවූ බලපෑමෙන් පීඩාවට පත් ධීවරයින්ට ලබා දීමට පියවර ගන්නා බවයි පැවසෙන්නේ.
ගුරුවරුන් ඇතුළු අධ්‍යාපන කාර්ය මණ්ඩල සඳහා කොරෝනා මර්දන එන්නත්කරණය ඉදිරි සතිය තුළ ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි, අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරනවා.
රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් -V එන්නත් මාත්‍රා 50,000ක් අද අලුයම දිවයිනට රැගෙන විත් තිබෙනවා. අදාල එන්නත් තොගයඖෂධ නීතිගත සංස්ථාවේ විශේෂ ශීතකරණ පහසුකම් සහිත ලොරි රථ මගින් එන්නත් තොගය කොළඹ පිහිටි මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත රැගෙන ඒ්මට පියවර ගෙන ගෙන තිබුණා.
බස්නාහිර, සබරගමුව, වයඹ, දකුණු සහ මධ්‍යම පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැක. දිවයිනේ සෙසු පළාත් වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ගිගුරුම් සහිත […]
අද දිනය තුල ආර්ථික මධ්‍යස්ථාන තුල තොග සහ සිල්ලර එළවළු මිල ගණන් පහතින් දැක්වේ..
යුද හමුදාවේ පර්යේෂණ, විශ්ලේෂණ හා සංවර්ධන ඒකකය නිෂ්පාදනය කළ දෑත් විෂබීජ හරණය කිරීමේ ස්වයංක්‍රීය යන්ත්‍රයක් අද (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත හඳුන්වා දෙනු ලැබූ අතර විෂබීජ හරණ දියර ලීටර් හතරක ප්‍රමාණයක් ගබඩා කිරීමෙන් පුද්ගලයන් 600කගේ දෑත් විෂබීජ හරණයටත්, විදුලි ආරෝපණයෙන් පසු පැය හතළිස් අටක් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වීමේ හැකියාවත් යන්ත්‍රය සතු […]
ඊයේ දිනය තුල තහවුරු කල තවත් කොවිඩ් මරණ 45ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා. ඒ අනුව මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,313ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
ඊයේ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගනු ලැබූ තීරණ පහතින් දැක්වේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත භාරදී තිබෙනවා.