News Line| Off Air
Generic placeholder image

Jan
12

ලංගම පෞද්ගලික බස් රේස් එකෙන් දෙදෙනෙකුට බරපතළ තුවාල

Generic placeholder image

මාතර සිට කොළඹ දෙසට ගමන් ගත් බස් රථ දෙකක් තරඟකාරී ලෙස ධාවනය කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි ත්‍රිරෝද රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා. ඒ කළුවාමෝදර පාලම මතදී. අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.


Jan
12

පාස්කු ප්‍රහාරයට අදාල නඩුවේ තීන්දුව ප්‍රකාශ කෙරේ

Generic placeholder image

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළා. ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට රුපියල් මිලියන 100ක්, හිටපු පොලිස්පති සහ බුද්ධි අංශ ප්‍රධානියාට මිලියන 75ක්, හිටපු ආරක්ෂක ලේකම්වරයාට මිලියන 50ක් සහ ජාතික බුද්ධි ප්‍රධානියාට රුපියල් මිලියන 10ක් සිය පෞද්ගලික මුදලින් වන්දි වශයෙන් ගෙවිය යුතු බවටද […]


Jan
12

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවන එක්දින තරගය අද

Generic placeholder image

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක ඉන්දීය කණ්ඩායම අතර දෙවන එක්දින තරගය අද (12) පැවැත්වෙනවා. ඒ අනුව ඉන්දියාවේ Eden Gardens හීදී අද දහවල් 1.30 ට මෙම තරගය ආරම්භවීමට නියමිතයි. පළමු එක්දින තරගය ලකුණු 67 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.


Jan
11

සබරගමුව මහ සමන් දේවාලයේ පඬුරු ගබඩාවට හොරු පනී

Generic placeholder image

සබරගමුව මහ සමන් දේවාලයේ පඬුරු ගබඩාවට සොරුන් ඇතුළු වී පඬුරු රැගෙන ගොස් ඇති බවට පැමිණිල්ලක් ලැබී තිබෙනවා. පැය 24 ක්‍රියාත්මක CCTV 60ක් පොලිස් මුරපොළ සහ දේවාල මුරකරුවන් මඟ හැර මෙම කොල්ලය සිදුකර ඇති බවටයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුළුල් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.


Jan
11

මහින්ද, ගෝඨාභය ඇතුළු 04 දෙනෙකුට කැනඩාවෙන් දැඩි සම්බාධක

Generic placeholder image

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකුට කැනඩාවට ඇතුළුවීම තහනම් කරමින් සම්බාධක පනවා තිබෙනවා. ශ්‍රී ලංකාවේ සිවිල් ගැටුම්වලදී මානව හිමිකම් කඩකළ බවට චෝදනා කරමිනුයි මෙම සම්බාධක පනවා ඇත්තේ.


Jan
11

දුම්රිය කාලසටහන සංශෝධනය කිරීමට අවදානය

Generic placeholder image

එළඹෙන පෙබරවාරි මාසයේ සිට නව දුම්රිය කාලසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. මාධ්‍ය මගින් වාර්තා කළ ආකාරයට සේවකයින් විශ්‍රාම යෑම හේතුවෙන් දුම්රිය ගමන් වාර අවලංගු නොවූ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මීට අමතරව “ඇල්ල-ඔඩිසි” වැනි සංචාරක ආකර්ශනය සහිත දුර ගමන් දුම්රිය සේවාවන් සඳහා ටිකටිපත් මිලදීගැනීම 100% ක්ම මාර්ගගත ක්‍රමය ඔස්සේ ඇනවුම් […]


Jan
11

අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

Generic placeholder image

අද (11) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා. ​ඒ අනුව සියලු කලාප සඳහා විදුලි කප්පාදුව සවස් කාලයේ පැය 2 යි විනාඩි 20 ක්.


Jan
9

පාරට එන වනඅලි එළවන අලුත් ක්‍රමය

Generic placeholder image

බුත්තල – කතරගම පාරේ වනඅලි පහරදීම් හේතුවෙන් වාහනවලට අනතුරු සිදු කරන අවස්ථා දක්වමින් ප්‍රධාන මාධ්‍ය තුළ මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද පළවන ප්‍රවෘත්ති කෙරෙහි කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ අවධානය යොමු වී ඇත. පසුගිය දින 04 පුරාම පෙරවරු 5.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා යාල ගල්ගේ වන අඩවි කාර්යාලයේ නිලධාරීන් සහ වාහන යොදවා බුත්තල […]


Jan
9

අදත් වැසි

Generic placeholder image

උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසිවාර කීපයක් ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව පළාතෙත්, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක. ගිගුරුම් සහිත […]


Jan
5

ලිට්‍රෝ ගෑස් මිල පහළට

Generic placeholder image

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළ දැමීමට පියවර ගෙන තිබෙනවා. 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 201කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 4409කි. කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 80කින් මිල පහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1770කි. කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 38කින් […]


Jan
5

උතුරු දුම්රිය අද සිට නතරවෙයි

Generic placeholder image

උතුරු දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු හේතුවෙන් අනුරාධපුර සිට වවුනියාව දක්වා දුම්රිය මාර්ගය මාස 05 කට අද (05) සිට වසා තැබේ. උතුරු දුම්රිය මාර්ගය නවීකරණය ආරම්භ කිරීම හේතුවෙන් මෙලෙස දුම්රිය මාර්ගය වසා තැබේ. ඒ බව පසුගිය (28) දා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා. […]


Jan
5

අධිවේගී බස් ගාස්තු වෙනස්වෙන හැටි මෙන්න

Generic placeholder image

හෙට සිට ක්‍රියාත්මක වන සංශෝධිත අධිවේගී මාර්ග බස් ගාස්තු ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.


News Articles
Latest Videos
Most Popular Post