වයස අවුරදු 13 ක් සහ 14 වියැති පිරිමි දරුවන් දෙදෙනෙකුට බරපතල ලිංගික අපයෝජනයන්ට ලක් කිරීමේ සිද්ධියකට එම දරුවන් දෙදෙනාගේ මවගේ අනියම් සැමියා පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සිදු කරන ලද පැමිණිල්ලක් අනුවයි. අවිවාහක 29 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත් අඩංගුවට ගෙන ඇති අතර අදාල පුද්ගලයා දරුවන්ට කාටුන් පෙන්වන්න යැයි සදහන් කරමින් සිය නිවසට රැගෙන ගොස් […]
මාරාන්තික කොරෝනා වෛරසය ව්‍යාප්තිය හමුවේ ලොව පුරා රටවල් ගණනක් පිඩාවට ලක්ව තිබෙනවා. මේ වන විට කොරෝනා එන්නත් විවිධ රටවලින් නිෂ්පාදනය කර තිබෙන අතර යම් දුරට මෙම එන්නත් හරහා කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සැලකිය යුතු ලෙස ඉහල මට්ටමක පවතී. කෙසේ වෙතත් මේ වන විට මෙම වෛරසය පිලිබදව විවිධ මට්ටමේ පරීක්ෂණ වලට භාජනය කෙරෙමින් නව තොරතුරු […]
ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය අද ජිනීවා නුවරදී ආරම්භ වීමට නියමිතව තිබෙනවා. පවතින කොරෝනා වෛරස් තත්වය හේතුවෙන් මෙම සැසිවාරය පැවැත්වෙන්නේ වීඩියෝ තාක්ෂනය ඔස්සේයි. මේ අතර මානව හිමිකම් කාර්යාලය විසින් ශ්‍රී ලංකාව පිලිබදව ප්‍රකාශයට පත් කරන ලද වාර්තාව විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.
මාරාන්තික කොරෝනා වෛරසයේ නව ප්‍රභේද ගණනවක් ලොව පුරා විවිධ රටවලින් අලුතින් හදුනා ගෙන තිබෙන අතර ඉන්දියවේ ද නව කොරෝනා ප්‍රභේද 240 ක් පමණ හදුනාගෙන ඇති බව වාර්තා වෙනවා. එරට කොරෝනා ආසාදිතයින් දිනෙන් දින වැඩි වෙමින් පවතින බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ. මේ අතර එරට සෑම පුද්ගලයෙක්ම පාහේ කොවිඩ් එන්නත් ලබා ගැනීම අතවශ්‍ය බවද අවධාරණය කරනවා.
ඊයේ දිනයේ දී මෙරටින් කොරෝනා මරණ 10 ක් වාර්තා වුණා. ඒ අනුව මෙරටින් මෙතෙක් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 445කි. වාර්තා වූ මරණ අතර කාන්තාවන් තිදෙනෙක් සහ පිරිමි පුද්ගලයින් 7 දෙනෙක් ඇතුලත්.
නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වෙන අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්ක වලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැක. උතුරු සහ උතුරු-මැදපළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවියහැක. […]
ජෙරුසෙලම ප්‍රදේශයට මෙම වසරේ බලපෑ ප්‍රථම හිමපතනය හේතුවෙන් ජනතාව දැඩි පීඩනයකට ලක්ව ඇති බව විදෙස් වාර්තා සදහන් කරනවා. හෙට දිනය වනවිට නගර මුලුමනින්ම හිමෙන් වැසීයනු ඇති බවටයි ජෙරුසෙලම් කාලගුණ අංශ වැඩි දුරටත් දැනුම්දී තිබෙන්නේ. මේ වනවිටත් නගර රැසක විදුලිය ඇණහිට ඇති බව වාර්තා වනවා.
වැලන්ටයින් දවසේ සිය පෙම්වතිය පැහැර ගැනීමට පැමිණි පෙම්වතෙකු ට සිදු වෙච්ච අකරතැබ්බයක් ගැන පුවතක් පොල්පිතිගම ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. වැලන්ටයින් දිනයට පෙර දිනයේ පෙම්වතා විසින් පෙම්වතියට ජංගම දුරකතයක් අරන් දී ඇති අතර මව මේ පිලිබදව දැනගෙන එම දුරකතනය සිය භාරයට ගෙනතිබෙනවා. ඉන් පසුව පෙම්වතිය සිය සිම්පත වෙනත් දුරකතනයකට දමා පෙම්වතා අමතා අතරමගට එන්නට පවසා තිබෙනවා. පෙම්වතා […]
හිටපු ක්‍රිකට් නායක සනත් ජයසුරිය මහතා කොළඹදී කොවිඩ් එන්නත ලබාගෙන තිබෙන බව වාර්තා වෙනවා.
ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක ස්ථානවලට අදාළව නිවැරදි ප්‍රවේශයක් ලබා ගැනීම සඳහා ඊ-හෙරිටේජ් e-heritage ව්‍යාපෘතිය යටතේ නිර්මාණය කළ (Heritage Sri lanka) නම් ජංගම දුරකථන යෙදුම (App) හඳුන්වාදීම ජාතික උරුම ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ සහභාගිත්වයෙන් එම අමත්‍යාංශයේදි කෙරිණි ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය මෙහි නිර්මාණ කටයුතු […]
මියන්මාරයේ මේ වන විට ක්‍රියාත්මක හමුදා පාලනයට එරෙහිව බෞද්ධ ස්වාමීන් වහන්සේලාත් විරෝධතාවයක නිරත වන බව විදෙස් වාර්තා සදහන් කරනවා. මේ අනුව හමුදා පාලනය නවතා දමමින් ප්‍රජාතන්ත්‍රවාදිව තේරී පත් වූ අවුන් සාන් සුකී ඇතුළු රජයේ නිලධාරීන් නිදහස් කරන ලෙස ඉල්ලමින් ස්වාමීන් වහන්සේලා පාරට බැස යැන්ගොන් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යාලය වෙත පාගමනින් පැමිණ තිබෙනවා.
ඊයේ දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිත පුද්ගලයින් 722 දෙනෙකු හඳුනාගෙන ඇති බව වාර්තා වෙනවා. එයින් වැඩිම ආසාදිතයින් ගණනක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම ගණන 223 ක්. එමෙන්ම මේ වනවිට මෙරටින් සමස්ත කොරෝනා ආසාදිතයින් 77906 දෛනකු වාර්තා වන අතර එයින් සුවය ලබා ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 71176ක්. ඊයේ දිනයේ මෙරටින් කොරෝනා මරණ 13ක් […]