නාවලපිටිය ප්‍රදේශයේ රැකියාවට ගොස් ආපසු නිවසට එමින් සිටි තරුණයෙකුගේ මළ සිරුර බච්චාගම ප්‍රදේශයේ ඉදි කර ඇති පාලම අසල මහවැලි ගගේ තිබී හමුව තිබෙනවා. අදාල පුද්ගලයා ඊයේ රාත්‍රී 08.00 ට පමණ නාවලපිටිය නගරයේ පෞද්ගලික බෙහෙත් වෙළෙදසැලක සේවය නිමකර පා ගමනින් නිවසට පැමිණෙමින් සිට ඇති අතර අදාල තරුණයා නිවසට නොපැමිණීම හේතුවෙන් නිවැසියන් සිදු කල සොයා බැලීමකදී ඔහුගේ […]
කෙත්හේන ජල පවිත්‍රාගාරයේ අතවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ලබන ඉරිදා පැය 10 ක පමණ කාලයක් ජල සැපයුම අත් හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරනවා. ඒ අනුව ලබන ඉරිදා පෙරවරු 8.30 සිට පස්වරු 07 .00 දක්වා වාද්දුව, වස්කඩුව , පොතුපිටිය, කළුතර උතුර – දකුණ කටුකුරුන්ද , නාගොඩ , බෙන්තොට පයාගල , බේරුවල , […]
ඔස්ට්‍රේලියානු වැසියන්ට Facebook සමාගම විසින් අවහිරතාවයන් ඇති කර තිබෙනවා. ඒ ඔස්ට්‍රේලියානු වැසියන්ට ප්‍රවෘත්තිමය අන්තර්ගතයන් හුවමාරු කර ගැනීම සහ ප්‍රවෘත්තිමය අන්තර්ගතයන් සඳහා පිවිසීමට බාධා පමුණුවමින්. මිට හේතු වී ඇත්තේ ඔස්ටේලියානු රජය සිය රට සම්බන්ධයෙන් පළ කරන ප්‍රවෘත්තිමය අන්තර්ගතයන් සඳහා මුදල් ගෙවිය යුතු බවට Facebook)සමාගමට පැවසීම හේතු කොටගෙනයි.
ඊයේ(17) දිනයේ මාරක රිය අනතුරු 3ක් සිදුව ඇති අතර තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා. ඒ මහතා වැඩ්දුරටත් පැවසුවේ පෙබරවාරි 7 වන දින සිට 13 වන දින දක්වා වු කාලය තුළ සිදුව ඇති රිය අනතුරු 23 කින් පුද්ගලයින් 23දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි. එමෙන්ම අනතුරුවලින් 286ක් […]
පන්නල ප්‍රදේශයේ පාසලක සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් දෙදෙනෙකු රෝහල්ගත කර තිබෙන බව වාර්තා වෙනවා. මෙහිදී තියුණු ආයුධයකින් සිසුවෙකුගේ පාදයකට පහර දී ඇති අතර එම පාසල් සිසුවා ඇතුළු තව සිසුවෙක් දඹදෙණිය රෝහලට ඇතුලත් කර තිබෙනවා. පාසලට ජංගම දුරකතනයක් රැගෙන ඒමේ සිද්ධියක් මෙම ගැටුමට මුල් වී ඇති බවයි පොලිසිය සදහන් කරන්නේ.
කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ කිතුනු බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ සියලු ආගම්වලට අයත් ජනතාවට සමඟියෙන් සමාදානයෙන් ජීවත් විය හැකි පරිසරයක් සකස් කරන ලෙස ඉල්ලමින් චතාරික සමයේ මෙරට ජාතික ආගමික එකමුතුව වෙනුවෙන් යාච්ඤා කරන ලෙසයි. ඒ සඳහා තතාරික සමය ආයුධයක් කර ගන්නා ලෙසත් 2019 තතාරික සමය නිමවීමෙන් පසු එළැඹි පාස්කු ඉරු දින කළ ම්ලේච්ඡ […]
අවුරුදු 18ත් 30ත් අතර නිරෝගී තරුණ තරුණියන් යොදාගෙන කෘත්‍රීමව කොවිඩ් වැළඳීමට සලස්වා එන්නත් ලබාදී පරීක්ෂාකිරීමේ නව අත්හදාබැලීමක් පිලිබදව එංගලන්තයෙන් වාර්තා වෙනවා. ඒහිදී ලබා දෙන එන්නත් වල සාර්ථකත්වය මැන බැලීමක් සිදුවන අතර මෙය කෝවිඩ් රෝගය පාලනය කිරීම සදහා වන නව පර්යේෂණයකට ඉඩ ලබා දෙනු ලබනවා.
අධිබලැති පුපුරණ ද්‍රවය සමග පුද්ගලයෙක් වව්නියාව – නැදුන්කර්නි ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන ත්‍රස්ත විමර්ශන ඒකකයට භාර දී තිබෙනවා. පොලිසිය හා හමුදාව එක්ව සිදු කල වැටලීමකදී අදාල පුද්ගලයාගේ නිවසේ තිබී අධි බලැති පුපුරණ ද්‍රවය කිලෝ ගග්‍රෑම් 21 හා පි . ඊ වන් වර්ගයේ පුපුරන ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01 ක් පමණ හා පීඩන බෝම්බ කොටස් 148 ක් […]
නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල වැසි ස්වල්පයක් ඇති විය හැක. සබරගමුව, මධ්‍යම,ඌව සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක. […]
කොවිඩ් ආසාදිතව මියගිය තවත් 13 දෙනෙකු පිළිබඳ තොරතුරු වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එම මරණ සමග ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 422 දක්වා ඉහළ ගියා. අදාළ මරණ පිළිබඳ තොරතුරු පහතින් :
මද්‍රසා පාසලේ විදුහල්පති මොහොමඩ් ශකීල් නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් නීතිඥ හිජාස් හිස්බුල්ලාට අනුබල දීමේ චෝදනාවට අදාළවයි. මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මාස 10කට අධික කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ රඳවා සිටින නීතීඥ හිජාස් හිස්බුල්ලා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයාට උපදෙස් […]
ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් රැගෙන යන පෞද්ගලික බස් රථ හිමියන්ට එරෙහිව නිතිය තදින් ක්‍රියාත්මක කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරන්ඩා මහතා පැවසුවේ, කොවිඩ් වෛරස ව්‍යාප්තිය වළක්වා ගැනීම සදහා අද සිට එම නිතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි. ආසන ගණනට පමණක් මගීන් රැගෙන යාමට බස් ගාස්තුව සියයට 20ක් ඉහළ දැමූ බව […]