නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ මහනුවර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැක. මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල […]
මාතර බන්ධනාගාරයේ 27 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වෙනවා. ඒ එම බන්ධනාගාරයේ රැදවියන් ඇතුළු 53 දෙනෙකුට සිදු කරන ලද PCR පරීක්ෂණ ප්‍රතිපල මතයි. මේ අනුව එම පිරිස ප්‍රතිකාර සදහා රෝහල් වෙත යොමු කර තිබෙන බවයි පැවසෙන්නේ.
ලොව පුරා විකෘතියට ලක්වූ කොවිඩ් නව වෛරස් ප්‍රභේද හමුවීමත් සමග ශ්‍රී ලංකාවේද මේ මොහොතේ ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග නිවැරදිව හා කාර්යක්ෂම ලෙස අනුගමනය කළයුතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. එම නිවේදනය පහතින්,
අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් දේශපාලනඥයන්ව හමුවීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක් තමා වෙත ලබාදෙන තෙක් උන්වහන්සේ දේශපාලනඥයන් හමුනොවන බවයි වාර්තා වන්නේ.
මගීන් 241 ක් රැගෙන ගිය ගුවන් යානයක එන්ජිමක් හදිස්සියේ දී ඉහල ගුවනේදී ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා. එහිදී අදාල ගුවන් යානයේ එන්ජිම ගිනිගෙන ක්‍රියා විරහිත වී ඇති අතර කෙසේ වෙතත් ගුවන් නියමුවා විසින් යානය නිරුපද්‍රිතව ගොඩ බැස්සවීමට සමත්ව තිබෙනවා. මේ හේතුවෙන් united airline සමගම එම වර්ගයේ ගුවන් යානා පියාසර කරවීම තාවකාලිකව නවතා ඇති අතර එම ගුවන් […]
අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය රියදුරු වෘත්තිය සමිති සදහන් කරනවා. ඒ උතුරු දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියේ අක්‍රමිතාවයකට විරෝධය පල කිරීම සදහායි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩකයෙකු වන ලහිරු කුමාර හට ද නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. මේ අතර අද ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා පිටත්වීමට නියමිතව තිබුණා.
බිබිල ප්‍රදේශයේ කාන්තාවක් සිය සැමියා සමග ඇති වූ බහින් බස් වීමක් දුරදිග ගොස් සිය තුන් හැවිරිදි දරුවා සමග අසල ඉඩමක තිබු ළිදකට පැන සියදිවි හානි කරගෙන තිබෙනවා. හමුදා රාජකාරියේ නිරත සිය සැමියා සමග මෙලෙස එම කාන්තාව විසින් එදින රාත්‍රියේ දුරකථන සංවාදයක නිරතව සිට තිබෙන අතර එහිදී ඇති වූ බහින්බස් වීමක් මෙලෙස දුරදිග ගොස් තිබෙන බවයි […]
හබරණ ප්‍රදේශයේ ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධානය කර තිබූ මත්පැන් සාදයක් වටලා කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් 16 දෙනෙකු ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව හබරණ පොලිසිය සදහන් කරනවා. හබරණ වැව් ඉස්මත්තේ හෝටලයක මෙම සාදය පවත්වා ඇති බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. සැකකරුවන් අද කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
මඩොල්සිම පුංචි ලෝකාන්තය නැරඹීමට යන දෙස් විදෙස් සංචාරකයින් සදහා විශේෂ දැනුම් දීමක් සිදු කර තිබෙනවා. එනම්, මඩොල්සිම පුංචි ලෝකාන්තය නැරඹීම සදහා දෙස් විදෙස් සංචාරකයන්ට විදුරු ආවරණ සහිත නැරඹුම් මැදිරි හා ආරක්‍ෂිත වැට ඉදි කිරීම ආදී අවශ්‍ය පහසුකම් සලසන තෙක් එම භුමිය අවට කුඩාරම් ඉදිකිරීම තහනම් වන බවයි.
කුරණ සහ මීගමුව දුම්රිය ස්ථාන අතර ද්විත්ව මාර්ග සංවර්ධන කටයුතු හේතුවෙන් පුත්තලම දුම්රිය මාර්ගයේ කටුනායක සහ පුත්තලම දුම්රිය ස්ථාන අතර දුම්රිය ධාවනය ලබන සිකුරාදා(26) පෙ.ව. 08.00 සිට 28වන ඉරිදා ප.ව. 08.30 දක්වා කාලය තුළ නතර කරන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය දැනුම් දෙනු ලබනවා. මෙම කාලසීමාවේ දී කටුනායක සහ කටුනායක සහ පුත්තලම දුම්රිය ස්ථාන අතර […]
පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා දෙදින නිල සංචාරයක් සඳහා හෙට (23) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. .මෙම සංචාරයේදී එරට අගමැතිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිතයි. .