පාස්කු ඉරුදින ප්‍රහාර මලාව පිළිබඳ විමර්ශන සිදුකළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව මේ වනවිට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත භාරදී තිබෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොවිඩ් එන්නත ලබා ගත් බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කරනවා. අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කර තිබෙනවා.
ටවුන් හෝල් ප්‍රදේශයේ විරෝධතාවයක් හේතුවෙන් රථවාහන තදබදයක් ඇති ව තිබෙන බව වාර්තා වෙනවා.
වයස අවුරදු 14 පිරිමි දරුවෙකු ලිංගික අපයෝජනයට ලක් කල බව කියන 50 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ මාර්තු මස තුන්වෙනි දින දක්වායි. සිය දරුවාට ලිංගික අපයෝජනය කර ඇති බවට දරුවාගේ දෙමව්පියන් විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුවයි මෙලෙස ඔහුව අත් අඩංගුවට ගෙන ඇත්තේ. අපයෝජනයට ලක්ව ඇති දරුවා වෛද්‍ය පරීක්ෂනයක් ලබා […]
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරගාවලිය සඳහා අද (23) අලුයම කටුනායක ගුවන් තොටුපොළින් පිටත්ව ගොස් තිබෙනවා. .කටාර් රාජ්‍යයේ දෝහා වෙතගොස් ඉන් පසු වෙනත් ගුවන් යානයකින් බටහිර ඉන්දීය කොදෙව් දූපත් වෙත ළඟාවීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ එම තරග සංචාරයේ තරග 3කින් සමන්විත විස්සයි 20 ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සඳහා […]
ශ්‍රී ලංකා පොලිසිය සඳහා ඔවුන්ගේ රාජකාරි කටයුතු සිදුකරගෙන යාමට අවශ්‍ය වාහන නොමැති වීම නිසා මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් ත්‍රිරෝද රථ 2000ක් මිලදී ගැනීම සඳහා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
දෙදින නිල සංචාරයක් සඳහා මෙරටට අද දිනයේ පැමිණෙන පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් රැගත් ගුවන් යානයට ඉන්දීය ගුවන් අවකාශය භාවිත කිරීම සඳහා එරටින් අවසර ලබා දී තිබෙනවා.
අන්තර්ජාලය ඔස්සේ LTTE සංවිධානය පිළිබඳ සහ ප්‍රභාකරන්ගේ ඡායාරූප ඇතුළත් විවිධ කරුණු පළ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු පොලිස් ත්‍රස්ත විමර්ෂණ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාල සැකකරු 25 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ටික්ටොක් නැමැති සමාජ මාධ්‍ය යෙදවුම හරහා LTTE සංවිධානය ප්‍රවර්ධනය කරන ප්‍රවෘත්ති පළකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සදහන් […]
දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අද දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. මෙහිදී නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව තිබෙන අතර ඉන් අනතුරුව පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා හෙට (24) මෙරට පාර්ලිමේන්තුව ඇමතීමට ද නියමිතව තිබෙන බව වාර්තා වෙනවා.
ඊයේ දිනයේ මෙරටින් කොවිඩ් මරණ 05ක් වාර්තා වී ඇති අතර ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 450 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. මේ අතර ඊයේ දිනයේ හමු වූ නව ආසාදිතයින් 518 ත් සමගින් මේරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 80,000 ඉක්මවා ගොස් තිබෙනවා. එය සටහන් වන්නේ 80, 571 ක් ලෙසයි.
ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරියක ලෙස පෙනී සිටි කාන්තාවක් මහනුවර පොලීසිය විසින් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාල කාන්තාව මහනුවර ජාතික රෝහලේ සේවය කරන වෛද්‍යවරියකට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් නිකුත් කළ ලියාපදිංචි අංකය භාවිත කරමින්වෛද්‍යවරියක් ලෙස පෙනි සිට ඇති අතර ඇය පෞද්ගලික ප්‍රතිකාර මධ්‍යස්ථාන 3ක් පවත්වාගෙන ගොස් තිබෙනවා. එම කාන්තාව මීගමුව, මිනුවන්ගොඩ සහ නැදගමුව යන ප්‍රදේශ […]
ඊයේ මැදියම් රැයේ සිට පැවැත්වීමට නියමිතව තිබු දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව නතර කිරීමට තීරණය කල බව දුම්රිය එන්ජිම් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සදහන් කරනවා. ඒ අද දිනයේ ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා සමග සාකච්ජාවක් ලබා දීම හේතුවෙන්. කෙසේ වෙතත් ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ අද පැවැත්වෙන මෙම සාකච්ජාවෙන් ස්ථිර විසදුමක් නොලැබුනොත් වර්ජනයට […]